මේ දවස්වල ලෝකය පුරාම කතාබහට ලක්වෙන DC ස්ටූඩියෝස් නිර්මාණයක් තමයි ‘Lanterns’ කියන්නේ. HBO සහ HBO Max හරහා විකාශය වුණු මේ අලුත්ම කතාමාලාව තමන්ගේ පළමු දින තුන ඇතුළත ගෝලීය වශයෙන් නරඹන්නන් මිලියන 9.3ක් ආකර්ෂණය කරගන්න සමත් වෙලා තියෙනවා. ඇමරිකාව තුළ විතරක් මිලියන 6.6ක් මේක නරඹලා තියෙනවා. මේ දත්තත් එක්ක බලද්දී, HBO Max ඉතිහාසයේ සාර්ථකම ආරම්භයක් ලබාගත්ත කතාමාලා පහ අතරට ‘Lanterns’ එකතු වෙන්නත් සමත් වෙලා තියෙනවා.
විශේෂම දේ තමයි, මීට කලින් ජනප්රිය වුණු ‘The Penguin’, ‘IT: Welcome to Derry’ සහ ‘True Detective: Night Country’ වගේ දැවැන්ත කතාමාලාවල ආරම්භක දර්ශනවලටත් වඩා ඉහළ ප්රතිචාරයක් මේ කතාමාලාවට ලැබිලා තියෙනවා. ඉරිදා විකාශය වුණු දා ඉඳන්ම HBO Max හි දිනපතා නරඹන හොඳම කතාමාලා දහයේ පළමු තැන තවමත් රැකගන්න මේකට පුළුවන් වෙලා තියෙනවා. ක්රිස් මන්ඩි, ඩේමන් ලින්ඩෙලොෆ් සහ ටොම් කිං එකතු වෙලා නිර්මාණය කරන මේ කතාමාලාව ඇත්තටම සුපිරි අත්දැකීමක්.
මේ කතාව ගෙතෙන්නේ ජෝන් ස්ටුවර්ට් සහ හැල් ජෝර්ඩන් කියන අභ්යවකාශ පොලිස් නිලධාරීන් දෙන්නෙක් වටායි. ඇමරිකාවේ සිදුවෙන අභිරහස් මිනීමැරුමක් හොයන්න යන මේ දෙන්නාට මුහුණ දෙන්න වෙන අමුතුම සිදුවීම් මාලාවක් තමයි මේකෙන් බලාගන්න පුළුවන් වෙන්නේ. ඔයාලටත් මේකේ අලුත් කොටස් හැම ඉරිදාවකම HBO සහ HBO Max හරහා නරඹන්න පුළුවන්. ඇත්තටම මේක මේ දවස්වල අනිවාර්යයෙන්ම බලන්න ඕන කතාමාලාවක් කියලා කියන්න පුළුවන්.

Discussion & Feedback