ඇමරිකාවේ සිදු වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය වන 9/11 ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් පදිංචිව සිටි නිවාස සංකීර්ණයේ කළමනාකාරිනිය ලෙස කටයුතු කළ හොලි රැච්ෆර්ඩ්, වසර 25කට පසු ඒ පිළිබඳව මුල් වරට මාධ්‍යයට අදහස් දක්වා තිබෙනවා. ඇය පවසන ආකාරයට, එම ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන සෞදි ජාතික ඔමාර් අල්-බයූමි ඇයගේ නිවාස සංකීර්ණයේ පදිංචියට පැමිණ ඇත්තේ 1999 වසරේදීයි. ඉතා මිත්‍රශීලී සහ නිතරම සිනහමුසු මුහුණින් සිටි බයූමි, පසුව 9/11 ප්‍රහාරයට සම්බන්ධ වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඇයට හඳුන්වා දී තිබෙනවා. තමන්ට කිසිසේත්ම සිතාගත නොහැකි වූ මෙම සිදුවීම නිසා ඇය පසුගිය කාලය පුරාම දැඩි මානසික පීඩනයකින් පසුවූ බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
දැනට බයූමි සම්බන්ධයෙන් සෞදි අරාබියට එරෙහිව ඩොලර් ට්‍රිලියනයක නඩුවක් ගොනු කර තිබෙනවා. 9/11 ප්‍රහාරයෙන් මියගිය පවුල්වල සාමාජිකයන් සහ වින්දිතයන් විසින් මෙම නඩුව පවරා ඇත්තේ, බයූමි ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට සහය ලබා දුන් බවට චෝදනා කරමින්. ඇමරිකානු අධිකරණයක විනිසුරුවරයෙකු පවා පවසා ඇත්තේ, බයූමි සහ සෞදි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු අතර සම්බන්ධයක් තිබූ බවට සාධාරණ සැකයක් පවතින බවයි. කෙසේ වෙතත්, සෞදි අරාබිය සහ බයූමි මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා. හොලි රැච්ෆර්ඩ් මේ වන විට මෙම සිදුවීම පිළිබඳව රහසිගත ප්‍රකාශයක් නිව්යෝර්ක් අධිකරණයට ලබා දී ඇති අතර, ඇයගේ මෙම හෙළිදරව්ව ඉදිරියේදී විකාශය වීමට නියමිත බීබීසී වාර්තා වැඩසටහනකදී දැකගන්න පුළුවන්.

Discussion & Feedback