ලග්ගල ප්‍රදේශයේ ජනතාව වසර ගණනාවක් තිස්සේ මුහුණ දුන් පානීය ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙමින්, ලග්ගල නව නගරයේ ජල සම්පාදන ව්‍යාපෘතිය අද (12) දින නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගෙන ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය හරහා පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව දැන් ඔවුන්ට ලැබෙනවා.
මෙම ව්‍යාපෘතිය මගින් ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 21ක පදිංචි පවුල් 6,500කට අධික සංඛ්‍යාවකට සහ පුද්ගලයින් 25,000කට වැඩි පිරිසකට සෘජුවම ප්රතිලාභ ලැබෙනවා. දිගු කලක් තිස්සේ පිරිසිදු ජලය නොමැතිව අපහසුතාවයට පත්ව සිටි ප්‍රදේශවාසීන්ට මෙය මහත් සහනයක් වනු ඇති අතර, එමගින් ඔවුන්ගේ සෞඛ්‍ය මට්ටම මෙන්ම දෛනික ජීවිතයද වඩාත් පහසු වනු ඇතැයි අපේක්ෂා කරනවා. රජයේ මැදිහත්වීමෙන් සිදු කළ මෙම වැදගත් සංවර්ධන කටයුත්ත ප්‍රදේශයේ දියුණුවට තවත් පියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්.

Discussion & Feedback