කළුගඟ සහ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති නිසා ඉඩම් අහිමි වෙලා ලග්ගල නව නගරයට පදිංචියට ආපු පවුල් 6,500කට වැඩි ප්‍රමාණයකට පිරිසිදු පානීය ජලය ලබාදෙන ව්‍යාපෘතිය මේ වෙනකොට අවසන් අදියරට ඇවිත් තියෙනවා. 2016 වසරේදී ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය 2018දී අවසන් කරන්න සැලසුම් කරලා තිබුණත්, රටේ ඇතිවුණු ආර්ථික අර්බුදය සහ විවිධ බාධක නිසා වාර 10ක් පුරාවටම මේක කල් දාන්න සිද්ධ වුණා. ඒත් දැන් ඒ සියලු බාධක ජයගෙන වැඩ කටයුතු වේගවත් කරලා තියෙනවා.
මේ ගැන අදහස් දක්වපු රජයේ මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහත්තයා කිව්වේ, 2024 අවසානයේදී හෝ 2025 මුල් කාලයේදී රජය මැදිහත් වෙලා රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කරලා මේ වැඩේ ඉක්මන් කරපු බවයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරුවන් සහ අනෙකුත් නිලධාරීන්ගේ කැපවීම නිසා දැන් මේ ව්‍යාපෘතිය සාර්ථකව නිම වෙමින් පවතිනවා. මේ හරහා ලග්ගල ප්‍රදේශයේ ඉන්න 25,000කට වැඩි ජනතාවකට පානීය ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙනවා.
මේ ව්‍යාපෘතියේ තියෙන විශේෂත්වය තමයි ලග්ගල සියලුම පරිපාලන කොට්ඨාසවලට අවශ්‍ය ජලය ලබාදීමේ හැකියාව මේ ජල මූලාශ්‍රයට තිබීම. ඉදිරියේදී අවශ්‍ය නල මාර්ග පද්ධති පුළුල් කිරීම හරහා ප්‍රදේශයේ හැම නිවසකටම පිරිසිදු ජලය ලබාදෙන්න කටයුතු කරනවා. වසර ගණනාවක් තිස්සේ ජලය වෙනුවෙන් දුක් විඳපු ලග්ගල ජනතාවට මේක ඇත්තටම ලොකු සහනයක් වේවි.

Discussion & Feedback