මේ දිනවල පැවැත්වුණු 51 වන ටොරොන්ටෝ ජාත්යන්තර සිනමා උළෙලේදී ප්රේක්ෂකයන්ගේ වැඩිම කැමැත්ත දිනාගත් චිත්රපටය ලෙස ජේවියර් කැල්වෝ සහ ජේවියර් ඇම්බ්රෝසිගේ ‘ලා බෝලා නෙග්රා’ (La Bola Negra) චිත්රපටය සම්මානයට පාත්ර වුණා. පරම්පරා තුනක පිරිමින්ගේ ආශාව, වේදනාව සහ ආදරය වටා ගෙතුණු මෙම චිත්රපටය ස්පාඤ්ඤය වෙනුවෙන් ඔස්කාර් සම්මාන උළෙලට ඉදිරිපත් කෙරෙන නිල නිර්දේශයයි. ඔක්තෝබර් 16 වනදා සිට නෙට්ෆ්ලික්ස් හරහා මෙය ප්රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලැබෙන අතර, මෙය ඉදිරියේදී පැවැත්වෙන ඔස්කාර් සම්මාන උළෙලේදීත් ප්රබල තරඟයක් ලබා දෙනු ඇතැයි සිනමා විචාරකයන් විශ්වාස කරනවා.
ටොරොන්ටෝ සිනමා උළෙලේ ප්රේක්ෂක සම්මානය දිනාගන්නා චිත්රපට බොහෝ විට පසුව ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත්රපටය ලෙස සම්මාන දිනාගැනීමේ ඉතිහාසයක් තිබෙනවා. මෙවර උළෙලේදී ජාත්යන්තර ප්රේක්ෂක සම්මානය සයිමන් ස්ටෝන්ගේ ‘එල්සිනෝර්’ චිත්රපටයට හිමි වූ අතර, වාර්තා චිත්රපට අංශයෙන් බැරී ඇව්රිච්ගේ ‘ඩාර්ලීන් ලව්: අයි නෝ වෙයා අයිව් බීන්’ සම්මානය දිනාගත්තා. මීට අමතරව, මෙවර ටොරොන්ටෝ උළෙලේදී විශේෂ අවස්ථාවක් ලෙස ඉන්දියාවේ තේජා රියෝගේ ‘අං’ (Angh) චිත්රපටයට ප්ලැට්ෆෝම් සම්මානය හිමි වූ අතර, ඒ හරහා එම චිත්රපටයට කෙළින්ම ඔස්කාර් තරඟාවලියට පිවිසීමේ අවස්ථාව උදා වී තිබෙනවා. ලොව පුරා සිනමා ලෝලීන් මේ වන විටත් මෙම චිත්රපටවල ඉදිරි ගමන පිළිබඳව දැඩි අවධානයකින් පසුවනවා.

Discussion & Feedback