හොලිවුඩයේ ජනප්රිය නළු කුර්ට් රසල් වසර හතකට පසුව නැවතත් ‘R-Rated’ වර්ගීකරණයට අයත් චිත්රපටයකින් ප්රේක්ෂකයන් හමුවට එන්න සූදානම් වෙනවා. ‘The Rivals of Amziah King’ ලෙස නම් කර ඇති මෙම නවතම බටහිර ආරේ අපරාධ ත්රාසජනක චිත්රපටය, ඔහුගේ සිනමා දිවියේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම චිත්රපටය තුළ ඔහු ‘ඩොබ් මැකෝයි’ නම් ප්රධාන දුෂ්ට චරිතයට පණ පොවන අතර, එය ඔහුගේ රංගන හැකියාවේ තවත් පැතිකඩක් පෙන්වන බව විචාරකයින් පවසනවා.
ඇන්ඩෘ පැටසන් විසින් අධ්යක්ෂණය කරන ලද මෙම චිත්රපටයේ මැතිව් මැකොනගි ප්රධාන චරිතයක් නිරූපණය කරනවා. ඔක්ලහෝමා ප්රාන්තයේ මී මැසි පාලනය සහ මී පැණි ව්යාපාරය පසුබිම් කරගෙන ගෙතෙන මෙම කතාව, ප්රේක්ෂකයන්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙනු නොඅනුමානයි. වසර පහකට පසු මැතිව් මැකොනගි රංගනයට එක්වන පළමු සජීවී චිත්රපටය වීමත් මෙහි ඇති විශේෂත්වයක්. දැනටමත් SXSW චිත්රපට උළෙලේදී ඉහළ ඇගයීම් ලබා ඇති මෙම නිර්මාණය, අතිශය ආකර්ෂණීය සහ චිත්තාකර්ෂණීය කතාවක් බවයි පැවසෙන්නේ.
කුර්ට් රසල්ගේ රසිකයන්ට මෙම චිත්රපටය ලබන 2026 අගෝස්තු 14 වැනිදා සිට සිනමාහල්වලදී නැරඹීමට අවස්ථාව ලැබෙනවා. ඔහුගේ දීර්ඝ සිනමා දිවියේ ‘Escape from New York’ සහ ‘The Hateful Eight’ වැනි විශිෂ්ට නිර්මාණ රැසක් තිබුණත්, මෙවර ඔහු රඟපාන මෙම දුෂ්ට චරිතය ඔහුගේ රංගන පරාසය තවත් පුළුල් කරනු ඇති බවයි සිනමා ලෝලීන්ගේ මතය වෙලා තියෙන්නේ.

Discussion & Feedback