2026 වසරේ මුල් මාස හය තුළ දකුණු කොරියානු සිනමා කර්මාන්තය පෙර නොවූ විරූ සාර්ථකත්වයක් අත්කරගෙන තියෙනවා. කොරියානු චිත්රපට සංස්ථාව (KOFIC) නිකුත් කළ නවතම වාර්තාවලට අනුව, පසුගිය වසරට සාපේක්ෂව මෙවර සිනමා ශාලාවල ආදායම 41.9%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ වසරේ මුල් භාගයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 396.6ක ආදායමක් උපයා ගැනීමට ඔවුන් සමත් වී ඇති අතර, සිනමා ශාලාවලට පැමිණි ප්රේක්ෂක සංඛ්යාව මිලියන 57ක් දක්වා ඉහළ යාම සැබවින්ම කැපී පෙනෙන කරුණක්.
මෙම ජයග්රහණය පිටුපස ප්රධාන වශයෙන්ම තිබෙන්නේ දේශීය චිත්රපටයි. විශේෂයෙන්ම ‘The King’s Warden’ චිත්රපටය කොරියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ලැබූ චිත්රපටය ලෙස වාර්තා පොත් අතරට එක්වී තිබෙනවා. එය ප්රේක්ෂකයන් මිලියන 16.9ක් ආකර්ෂණය කර ගැනීමට සමත් වුණා. මීට අමතරව ‘Colony’ සහ ‘Salmokji: Whispering Water’ වැනි දේශීය නිර්මාණ ද සිනමා ශාලා පිරී ඉතිරී යාමට හේතු වුණා. විදේශීය චිත්රපට අතරින් ‘Project Hail Mary’ වැඩිම ආදායමක් ලැබූ චිත්රපටය බවට පත් වුණා.
එමෙන්ම, IMAX, 4D සහ ScreenX වැනි විශේෂ තාක්ෂණික පහසුකම් සහිත සිනමා ශාලා සඳහා ප්රේක්ෂකයන්ගේ ඉල්ලුම 56%කින් ඉහළ ගොස් තිබෙනවා. Showbox සමාගම මෙම වසරේ වැඩිම ආදායමක් ලැබූ බෙදාහරින්නා ලෙස පෙරමුණ ගෙන සිටින අතර, සමස්තයක් ලෙස කොරියානු සිනමාව වසංගතයට පෙර තිබූ තත්ත්වයට ඉතා ආසන්නව යථා තත්ත්වයට පත්වෙමින් තිබීම සතුටට කරුණක්.

Discussion & Feedback