ලොස් ඇන්ජලීස් නුවර කලා ක්ෂේත්රයේ වසර 90කට ආසන්න කාලයක් පුරා ක්රියාත්මක වන ප්රකට ‘කෝනර් ඒජන්සි’ (The Kohner Agency) ආයතනය මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙනවා. වර්තමාන විනෝදාස්වාද කර්මාන්තයේ පවතින පෙර නොවූ විරූ ආර්ථික පීඩනයන් හේතුවෙන් තම ආයතනයේ සේවය කළ දක්ෂතා නියෝජිතයන් තිදෙනෙකු සේවයෙන් ඉවත් කිරීමට ඔවුන්ට සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත්, ආයතනය සම්පූර්ණයෙන්ම වසා දැමීමක් සිදු නොවන බවත්, සාහිත්ය අංශය තවදුරටත් සාමාන්ය පරිදි ක්රියාත්මක වන බවත් ආයතනයේ හිමිකාරිනී පර්ල් වෙක්ස්ලර් පවසනවා.
1938 වසරේදී පෝල් කෝනර් විසින් ආරම්භ කරන ලද මෙම ආයතනය, හොලිවුඩයේ පැරණිතම ඒජන්සි අතරින් එකක්. මාලීන් ඩීට්රිච් සහ ග්රේටා ගාබෝ වැනි ලෝක ප්රකට තරු රැසක් නියෝජනය කළ මෙම ආයතනය, පසුගිය වසර 25 පුරා වෙක්ස්ලර්ගේ පාලනය යටතේ පැවතුණා. කොවිඩ් වසංගතයෙන් පසු කලා ක්ෂේත්රයේ සිදුවූ වෙනස්කම් සහ කුඩා ඒජන්සිවලට පැවති තරගකාරීත්වය හමුවේ මෙවැනි තීරණයක් ගැනීමට සිදුවීම ඉතා කණගාටුදායක බවයි ඇය ප්රකාශ කරන්නේ. දැනට පවතින ගිවිසුම් සහ කොමිස් මුදල් කළමනාකරණය කරමින්, අභියෝගාත්මක කාලසීමාව පසුකර යාමට ආයතන නායකත්වය මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

Discussion & Feedback