ගේම් ඔෆ් ත්රෝන්ස් කතා මාලාවේ ජෝන් ස්නෝ ලෙස ලොවම දිනාගත් ජනප්රිය නළු කිට් හැරින්ටන් මේ දිනවල නැවතත් ප්රේක්ෂක අවධානය දිනාගෙන ඉන්නවා. ඒ චාල්ස් ඩිකන්ස්ගේ වසර 167ක් පැරණි සම්භාව්ය නවකතාවක් වන ‘A Tale Of Two Cities’ ඇසුරින් නිර්මාණය වූ අලුත්ම ටෙලි නාට්යය නිසා. පසුගිය සැප්තැම්බර් 6 වැනිදා MGM+ ඔස්සේ විකාශය ආරම්භ කළ මෙම කතා මාලාව ඉතා කෙටි කාලයක් තුළ ලොව පුරා ප්රේක්ෂකයන් අතර දැඩි කතාබහට ලක්වෙලා තියෙනවා. දැනටමත් මෙම කතා මාලාව ලොව පුරා වැඩිම පිරිසක් නරඹන වැඩසටහන් අතර 6 වැනි ස්ථානයට පත්වෙලා ඉන්නවා.
මෙම කතා මාලාව කොටස් හතරකින් සමන්විත වන අතර, එය සතිපතා විකාශය කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ඇමරිකාව වැනි රටවල දැනටමත් මෙම නාට්යය ප්රේක්ෂකයන් අතර ඉහළින්ම වැජඹෙනවා. විශේෂයෙන්ම ‘Outlander’ සහ ‘From’ වැනි ජනප්රිය කතා මාලා පවා පසුකරමින් මෙය ඉදිරියට පැමිණීම කැපී පෙනෙන කරුණක්. ඉදිරියේදී MGM+ හි අංක එකේ ස්ථානයට පැමිණීමට මෙම කතා මාලාවට හොඳ අවස්ථාවක් තියෙනවා.
කිට් හැරින්ටන්ගේ රසිකයන්ට ඉදිරියේදී තවත් සුබ ආරංචියක් ලැබී තිබෙනවා. ඒ ඔහු ඉදිරියේදී එළිදැක්වීමට නියමිත හැරී පොටර් රූපවාහිනී කතා මාලාවේ ගිල්ඩරෝයි ලොක්හාර්ට්ගේ චරිතයට පණ පෙවීමයි. කෙසේ වෙතත්, මේ දිනවල නම් ඔහු රංගනයෙන් දායක වන ‘A Tale Of Two Cities’ කතා මාලාවේ අවසාන කොටස සැප්තැම්බර් 27 වැනිදා විකාශය වීමට නියමිතයි. ඔබත් හොද ඓතිහාසික කතා මාලාවකට කැමති නම්, අනිවාර්යයෙන්ම මෙය නරඹන්න කියලා අපි ආරාධනා කරනවා.

Discussion & Feedback