ගේම් ඔෆ් ත්රෝන්ස් රසිකයන් අතර ගොඩක් ජනප්රිය වුණු ජෝන් ස්නෝ චරිතය ගැන අලුත් ආරංචියක් මේ දවස්වල කතාබහට ලක්වෙනවා. ඒ තමයි, ජෝන් ස්නෝ කේන්ද්ර කරගෙන නිර්මාණය කරන්න හිටපු ස්පින්-ඕෆ් (spinoff) කතා මාලාව 2024 වසරේදී නතර කළත්, ඒ ගැන තවමත් බලාපොරොත්තුවක් තියෙන බව නළු කිට් හැරින්ටන් කියන එක. ඔහු මේ ගැන අදහස් දක්වලා තිබුණේ ‘හැපි සැඩ් කන්ෆියුස්ඩ්’ පොඩ්කාස්ට් එකේදී. මුල් කාලේ ජෝන් ස්නෝ කියන චරිතය නිසා තමන්ට ලොකු පීඩනයක් දැනුණත්, දැන් ඒ චරිතයත් එක්ක තමන්ට සුවපහසුවක් දැනෙනවා කියලා ඔහු කියනවා.
කිට් හැරින්ටන් කියන විදිහට, ගේම් ඔෆ් ත්රෝන්ස් සාර්ථකත්වයෙන් පස්සේ ඔහුට තමන්ව ඒ චරිතයෙන්ම විතරක් හඳුනාගැනීම ටිකක් අපහසු වුණා. ඒ නිසාම ඔහු වෙනත් නිර්මාණවලට දායක වෙලා තමන්ගේ හැකියාව පෙන්නන්න උත්සාහ කළා. දැන් ඔහු ඒ චරිතයෙන් එහාට ගිහින් තමන්ගේ අනන්යතාවය තහවුරු කරගෙන ඉන්න නිසා, ජෝන් ස්නෝ ගැන ආයෙත් හිතන්න ඔහුට පුළුවන් වෙලා තියෙනවා. හැබැයි මේ කතා මාලාව ආයෙත් පටන් ගන්නවා නම්, ඒක හරියටම හරි විදිහට වෙන්න ඕනේ කියන එක තමයි ඔහුගේ මතය. ඉතින් අනාගතයේ දවසක ජෝන් ස්නෝව ආයෙත් අපිට තිරයෙන් දකින්න ලැබෙයිද කියන එක ගැන රසිකයන් ඉන්නේ ලොකු බලාපොරොත්තුවකින්.

Discussion & Feedback