ලොව පුරාම රසිකයන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න අලුත්ම හැරී පොටර් ටීවී කතා මාලාව ගැන අලුත්ම ආරංචියක් ලැබිලා තියෙනවා. ඒ තමයි, ‘ගේම් ඔෆ් ත්රෝන්ස්’ කතා මාලාවේ ජෝන් ස්නෝ ලෙස ලොවම දිනාගත්ත කිට් හැරින්ටන්, මේ අලුත් කතා මාලාවේ ගිල්ඩරෝයි ලොක්හාර්ට්ගේ චරිතයට රංගනයෙන් දායක වෙන්න එකතු වෙලා තියෙනවා. ඇත්තටම මුලින් මේ චරිතයට තෝරගෙන හිටියේ නිකලස් හෝල්ට්ව වුණත්, රූගත කිරීම් කාලසටහනේ ඇති වුණු ගැටලු නිසා ඔහුට ඒ අවස්ථාව මගහැරී ගියා. කිට් හැරින්ටන් මීට කලින් හැරී පොටර් ශ්රව්ය පොත්වලදීත් මේ චරිතයට හඬ දායකත්වය ලබා දීලා තියෙන නිසා, ඔහුට මේ චරිතය අමුතු දෙයක් නම් නෙවෙයි.
මේ කතා මාලාව නිෂ්පාදනය කරන්නේ HBO ආයතනය විසින්. ජේ.කේ. රෝලින්ගේ හැරී පොටර් පොත් පෙළේ එන සෑම පොතක්ම වෙන වෙනම කතා මාලා විදිහට ඉදිරියේදී අපිට බලාගන්න පුළුවන් වෙයි. මේ අලුත් නිර්මාණයේ හැරී පොටර් ලෙස ඩොමිනික් මැක්ලොක්ලින්, රොන් වීස්ලි ලෙස ඇලස්ටෙයාර් ස්ටවුට් සහ හර්මයිනි ග්රේන්ජර් ලෙස ඇරබෙලා ස්ටැන්ටන් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම ඩම්බල්ඩෝගේ චරිතයට ජෝන් ලිතගෝ සහ හැග්රිඩ්ගේ චරිතයට නික් ෆ්රොස්ට් එකතු වෙලා ඉන්නවා. හැරී පොටර් සහ මායාකාර ලෝකයේ රසිකයන්ට මේ වසරේ නත්තල් සමයේදී මේ අලුත් අත්දැකීම විඳගන්න පුළුවන් වෙයි කියලා තමයි HBO ආයතනය පවසන්නේ.

Discussion & Feedback