2018 වසරේදී එළිදැක්වුණු Kingdom Come: Deliverance වීඩියෝ ක්රීඩාව එහි තිබූ යථාර්ථවාදී බව සහ 15 වන සියවසේ බොහීමියාවේ අත්දැකීම් නිසා ලොව පුරා රසිකයන් අතර ඉතා ජනප්රිය වුණා. මේ වන විට Warhorse Studios විසින් එහි දෙවන කොටස සහ තවත් අලුත් ව්යාපෘති කිහිපයක් ගැන තොරතුරු හෙළි කර තිබෙනවා. ඒ අතරින් වඩාත්ම කැපී පෙනෙන පුවත වන්නේ, බොහෝ දෙනා බලාපොරොත්තු වූ Kingdom Come: Deliverance බෝඩ් ගේම් එක (Board Game) දැන් නිල වශයෙන් පෙර ඇණවුම් සඳහා විවෘත කර තිබීමයි.
Czech Games Edition ආයතනය විසින් නිර්මාණය කර ඇති මෙම බෝඩ් ගේම් එක, වීඩියෝ ක්රීඩාවේ තිබූ නිදහස සහ අත්දැකීම් මේසය මතට ගෙන එන අපූරු නිර්මාණයක්. මෙහිදී ක්රීඩකයන්ට සාමාන්ය ගොවියෙකු ලෙස ක්රීඩාව ආරම්භ කර, තමන් කැමති ආකාරයට කුසලතා දියුණු කරගනිමින්, සටන් කලාව, දුනු විදීම, ඇල්කෙමිය සහ සොරකම් කිරීම වැනි දේ හරහා තම චරිතය ගොඩනගා ගන්න පුළුවන්. මෙය හුදෙක් කතාවක් අනුගමනය කරන ක්රීඩාවක් නොවෙයි; ඔබ ගන්නා තීරණ මත කතාව වෙනස් වන, නැවත නැවතත් ක්රීඩා කළ හැකි අතිශය ආකර්ෂණීය අත්දැකීමක්.
මෙම බෝඩ් ගේම් එක තනිවම හෝ මිතුරන් සමඟ තරඟකාරීව ක්රීඩා කිරීමට අවස්ථාව ලැබෙනවා. සිය ගණනක් වූ කාඩ්පත් සහ විවිධ අංගවලින් සමන්විත මෙම ක්රීඩාව, වීඩියෝ ක්රීඩාවේ රසිකයන්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙනු නොඅනුමානයි. දැනට ඇමරිකානු ඩොලර් 200ක පමණ මිලකට මෙය පෙර ඇණවුම් කළ හැකි අතර, ක්රීඩා ලෝලීන් අතර මේ වන විටත් විශාල කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

Discussion & Feedback