නෝර්වේ රාජ්‍යයේ පාලක හැරල්ඩ් රජුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට කනගාටුදායක පුවතක් වාර්තා වෙනවා. රුධිරගත ආසාදනයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින 89 හැවිරිදි රජුගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් පිරිහී ඇති බවයි මාලිගය නිවේදනය කරන්නේ. ඔහුට ප්‍රතිජීවක ඖෂධ ලබා දෙමින් ප්‍රතිකාර සිදු කළත්, තවමත් රජු ඔස්ලෝ විශ්වවිද්‍යාල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඒ නිසාම ඔහුට සිය රාජකීය රාජකාරිවලින් තාවකාලිකව ඉවත් වීමට සිදුව තිබෙන අතර, ඔහුගේ පුත් ඔටුන්න හිමි හෝකන් කුමරු මේ දිනවල රාජ්‍ය කටයුතු භාරව කටයුතු කරනවා.
මෑත කාලයේදී රජු විවිධ සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දුන්නා. රක්තහීනතාවය වැනි රුධිර ආශ්රිත රෝග තත්ත්වයන් මෙන්ම හෘද ස්පන්දනය පාලනය කරන පේස්මේකර් උපකරණයක් සවි කිරීම වැනි ශල්‍යකර්මවලටත් ඔහුට මුහුණ දීමට සිදු වුණා. මේ අතර නෝර්වේ රාජකීය පවුලට මේ වසරේදී තවත් අභියෝග රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඔටුන්න හිමි මෙට්-මැරිට් කුමරියගේ පෙනහළු බද්ධ කිරීමේ සැත්කම සහ ඇගේ පුත් මාරියස් බෝර්ග් හොයිබි සම්බන්ධයෙන් එල්ල වූ බරපතළ චෝදනා හේතුවෙන් නෝර්වේ රාජකීය පවුල මේ දිනවල දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. කෙසේ වෙතත්, මුළු රටම මේ වන විට හැරල්ඩ් රජුගේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සිටිනවා.

Discussion & Feedback