නෝර්වේ රාජ්‍යයේ පාලක හැරල්ඩ් රජුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට කනගාටුදායක පුවතක් වාර්තා වෙනවා. රුධිරගත ආසාදනයක් හේතුවෙන් රෝහල්ගත කර සිටින 89 හැවිරිදි රජතුමාගේ තත්ත්වය තරමක් බරපතළ වී ඇති බවයි මාලිගය නිවේදනය කරන්නේ. දැනට ඔස්ලෝ විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබන රජතුමාට ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන අතර, ඔහු සුවය ලබමින් සිටියත් තවදුරටත් රාජකාරිවලින් ඉවත් වී විවේක ගැනීමට සිදුව තිබෙනවා. රජතුමාගේ පුත් ඔටුන්න හිමි හෝකන් කුමරු මේ දිනවල රාජ්‍ය කටයුතු භාරව කටයුතු කරනවා.
මෑත කාලයේදී රජතුමා විවිධ සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දුන්නා. රක්තහීනතාවය වැනි රෝග තත්ත්වයන් මෙන්ම හෘද ස්පන්දනය පාලනය කරන පේස්මේකර් උපකරණයක් සවි කිරීම වැනි ශල්‍යකර්මවලටත් ඔහුට මුහුණ දීමට සිදු වුණා. මේ අතර නෝර්වේ රාජකීය පවුලට මේ වසර ඉතා අභියෝගාත්මක එකක් වෙලා. ඔටුන්න හිමි මෙට්-මාරිට් කුමරිය පෙනහළු බද්ධ කිරීමේ සැත්කමකට භාජනය වීම සහ ඇගේ පුත් මාරියස් බෝර්ග් හොයිබි සම්බන්ධ නීතිමය ගැටලු වැනි සිදුවීම් රාශියක් නිසා රාජකීය පවුල මේ දිනවල දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. කෙසේ වෙතත්, නෝර්වේ වැසියන් සියලු දෙනාම මේ වන විට රජතුමාගේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සිටිනවා.

Discussion & Feedback