ලෝකයේ බලශක්ති ක්ෂේත්රයේ අලුත්ම පෙරළියක් කරමින්, ‘Mazama Energy’ නම් භූතාප තාක්ෂණික සමාගම ඩොලර් මිලියන 135ක දැවැන්ත ආයෝජනයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. මේ මුදල් යොදවන්නේ අතිශය උණුසුම් පාෂාණ ස්ථරවලට ඉතා ගැඹුරට විදීමෙන්, සාමාන්‍ය භූතාප තාක්ෂණයට වඩා දස ගුණයක විදුලි බලයක් නිපදවන්න පුළුවන් නවීන ක්‍රමවේදයක් දියුණු කරන්නයි. මේ වන විටත් ඔවුන් අඩි 10,000කට වඩා ගැඹුරට විදීමේ කටයුතු සාර්ථකව සිදු කරමින් ඉන්නවා.
මේ ව්‍යාපෘතියේ විශේෂත්වය තමයි, පොළොවේ ගැඹුරුම තැන්වල තියෙන සෙල්සියස් අංශක 400ක් තරම් උණුසුම් පාෂාණවලින් ලැබෙන ශක්තිය උපයෝගී කර ගැනීම. මේ තාක්ෂණය හරහා ජලය ‘සුපිරි තීරණාත්මක’ (supercritical) තත්ත්වයට පත් කරලා, සාමාන්‍ය වාෂ්පවලට වඩා වැඩි ශක්තියක් ලබා ගන්න ඔවුන්ට පුළුවන් වෙනවා. ඔරිගන් ප්‍රාන්තයේ පිහිටි ඔවුන්ගේ පළමු ව්‍යාපෘතිය හරහා ලබන වසරේ සිට විදුලිය නිපදවීම ආරම්භ කිරීමට නියමිත අතර, 2030 වන විට මෙගාවොට් 200ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.
මේ ආයෝජන වටය සඳහා Centaurus Capital සහ Doerr Capital වැනි ප්‍රධාන ආයෝජකයන් මෙන්ම, Shell Ventures සහ ConocoPhillips වැනි දැවැන්ත සමාගම් පවා එකතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම AI දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි බලයක් අවශ්‍ය වන වර්තමාන ලෝකයේ, Mazama වැනි සමාගම්වල මේ නව නිපැයුම් අනාගත බලශක්ති අර්බුදයට හොඳම විසඳුමක් වේවි කියලා තමයි විශේෂඥයන් කියන්නේ.

Discussion & Feedback