ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්රාන්තයේදී තමන්ගේම දරුවන් තිදෙනෙකු ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටින ලින්ඩ්සේ ක්ලැන්සි නමැති මවගේ නඩු විභාගය මේ දිනවල ලෝකයේම අවධානය දිනාගෙන තියෙනවා. 2023 වසරේදී සිදුවූ මෙම කම්පන සහගත සිදුවීමෙන් පසු, ඇය දරුවන් තිදෙනා ගෙල සිරකර මරා දමා පසුව තමන්ද උසකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර තිබුණා. මේ වන විට ඇය රෝද පුටුවකට සීමා වී සිටින අතර, ඇයගේ නීතිඥවරු පවසන්නේ ඇය දරු ප්රසූතියෙන් පසු ඇති වූ දරුණු මානසික රෝගී තත්ත්වයක් වන ‘පශ්චාත් ප්රසව මනෝව්යාධිය’ (Postpartum Psychosis) හේතුවෙන් සිහිවිකල්ව මෙම අපරාධය සිදු කර ඇති බවයි.
නඩු විභාගයේදී ඇයගේ සැමියා වන පැට්රික් ක්ලැන්සි ඇතුළු පවුලේ අය සාක්ෂි ලබා දෙමින් පවසා සිටියේ, දරුවන් ලැබීමෙන් පසු ඇයගේ මානසික තත්ත්වය ඉතා වේගයෙන් පිරිහී ගිය බවයි. ඇය විවිධ බෙහෙත් වර්ග ගණනාවක් භාවිතා කළත්, ඇයට නිතරම මායාවන් පෙනීම සහ සියදිවි නසා ගැනීමේ සිතුවිලි පහළ වූ බව සැමියා අධිකරණය හමුවේ හඬා වැලපෙමින් ප්රකාශ කළා. කෙසේ වෙතත්, පැමිණිල්ලේ පාර්ශ්වය තර්ක කරන්නේ ඇය සැලසුම් සහගතව සැමියාව නිවසින් පිටත් කර යවා මෙම ඝාතනය සිදු කළ බවයි. මේ වන විට ජූරි සභාව තීන්දුවක් ලබා දීමට සූදානම් වන අතර, මෙම සිදුවීම මගින් දරු ප්රසූතියෙන් පසු කාන්තාවන්ට ඇති විය හැකි මානසික ගැටලු පිළිබඳව විශාල කතිකාවතක් සමාජය තුළ ඇති කර තිබෙනවා.

Discussion & Feedback