හොලිවුඩයේ ජනප්රිය නළුවෙක් වන ඇඩම් ඩ්රයිවර්ව මාර්වල් සිනමා විශ්වයට එකතු කරගන්න කෙවින් ෆයිගී ගොඩක් කාලෙක ඉඳන් උත්සාහ කරනවා. හැබැයි ඒ හැම උත්සාහයක්ම අවසානයේ අසාර්ථක වෙන එක දැන් මාර්වල් ආයතනයේ සම්ප්රදායක් වගේ වෙලා කියලා කෙවින් ෆයිගී මෑතකදී පැවසුවා. ඔහු කියන විදිහට, ඇඩම් එක්ක වීඩියෝ ඇමතුම් හරහා සාකච්ඡා කළත්, අවසානයේදී ඇඩම් එම චරිත ප්රතික්ෂේප කරන එක තමයි හැමදාම වෙන්නේ. ඇඩම් මේ ගැන ඉතාමත් ගෞරවයෙන් සහ අවංකව තමන්ගේ අදහස් ප්රකාශ කරන බවත් ෆයිගී වැඩිදුරටත් සඳහන් කළා.
මේ දවස්වල අලුතින්ම එන්න තියෙන ‘X-Men’ රිබූට් එකට ඇඩම් ඩ්රයිවර් සම්බන්ධ වෙයි කියලා ලොකු කතාබහක් යනවා. මැග්නෙටෝ, විලියම් ස්ට්රයිකර් වගේ ප්රධාන චරිතවලට ඔහුව යොදාගන්න ඉඩ තියෙනවා කියලා ආරංචි වුණත්, ඇඩම් මේ ගැන තවම කිසිම තහවුරු කිරීමක් කරලා නැහැ. ජේක් ශ්රයර් අධ්යක්ෂණය කරන මේ නවතම X-Men නිර්මාණය හරහා මාර්වල් ආයතනය අලුත් පරම්පරාවක නළු නිළියන් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඇඩම් ඩ්රයිවර් වගේ දක්ෂ නළුවෙක් මේ වගේ විශාල ව්යාපෘතියකට සම්බන්ධ වුණොත් ඒක රසිකයන්ට ලොකු සතුටක් වේවි. නමුත් ඇඩම් තමන්ගේ රංගන දිවිය ගැන හරිම සැලකිලිමත් නිසා, ඔහු මේ චරිතය භාර ගනීද නැද්ද කියන එක තවමත් ප්රශ්නයක් විදිහටම තියෙනවා.

Discussion & Feedback