මාවල් සිනමා ලෝලීන් බොහෝ දෙනෙක් මේ දවස්වල වැඩිපුරම කතා වෙන්නේ ‘ඇවෙන්ජර්ස්: සීක්රට් වෝර්ස්’ චිත්රපටයේ අවසානය කොහොම වෙයිද කියන එක ගැනයි. ඇවෙන්ජර්ස්: එන්ඩ්ගේම් චිත්රපටයෙන් පස්සේ මාවල් විශ්වයේ ලොකු වෙනසක් සිද්ධ වුණා වගේම, දැන් මේ මල්ටිවර්ස් සාගා එකේ අවසානයත් ගොඩක් වැදගත් වෙලා තියෙනවා. මාවල් ආයතනයේ ප්රධානියා වන කෙවින් ෆයිගී මෑතකදී ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී මේ ගැන ඉඟියක් ලබා දීලා තියෙනවා. ඔහු පැහැදිලිවම කියලා තියෙන්නේ මේ චිත්රපටය හරහා මුළු මාවල් විශ්වයම සම්පූර්ණයෙන්ම අලුතින් පටන් ගන්නා (Reboot) අදහසක් ඔවුන්ට නැති බවයි. ඒ වෙනුවට ඔවුන් ජොනතන් හික්මන්ගේ 2015 ‘සීක්රට් වෝර්ස්’ කොමික් පොතේ තියෙන කතාවේ ආභාෂය ලබා ගන්නා බව ඔහු සඳහන් කරනවා.
මේ කොමික් පොතේ අවසානය ගොඩක් දෙනෙක් අතර ජනප්රිය වුණේ එහි සිද්ධ වුණු ‘සොෆ්ට් රීබූට්’ එක නිසයි. ඒ කියන්නේ මුළු කතාවම වෙනස් කරන්නේ නැතුව, අවශ්ය තැන් විතරක් වෙනස් කරලා අලුත් චරිත ප්රධාන කතාවට එකතු කරගන්න පුළුවන් වුණා. උදාහරණයක් විදිහට මයිල්ස් මොරාලස්ව ප්රධාන විශ්වයට ගෙනාපු විදිහ වගේ දේවල් අපිට චිත්රපටයෙත් දකින්න ලැබෙන්න පුළුවන්. කොහොම වුණත්, මාවල් ආයතනය කොමික් පොතේ තියෙන දේවල් කෙලින්ම චිත්රපටයට ගන්නේ නැතුව, ඔවුන්ගේම විදිහට වෙනස්කම් කරලා තමයි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ‘සීක්රට් වෝර්ස්’ චිත්රපටය අවසානයේ මාවල් සිනමා විශ්වය කොයි වගේ වෙනසකට ලක් වෙයිද කියලා බලාගන්න රසිකයන් ගොඩක් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා.

Discussion & Feedback