ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන ‘ඇමරිකාස් ගොට් ටැලන්ට්’ (AGT) හි ප්‍රධාන විනිසුරුවරයෙක් වන සයිමන් කවෙල්ට පසුගිය කාලයේ සිදුකළ ශල්‍යකර්මයක් හේතුවෙන් වැඩසටහනට සහභාගී වෙන්න බැරි වුණා. ඒ නිසා ඔහුගේ පුරප්පාඩුව පුරවන්න මෙවර විශේෂ ආරාධිත විනිසුරුවරයෙක් විදිහට ප්‍රවීණ විකට නළු කෙනන් තොම්සන්ව කැඳවලා තියෙනවා. සැප්තැම්බර් පළවෙනිදා විකාශය වුණු තරගාවලියේ තුන්වෙනි අර්ධ අවසන් පූර්ව වටයේදී ඔහුව විනිසුරු අසුනේ දකින්න ලැබුණා.
සයිමන් කවෙල් මීට වසර කිහිපයකට කලින් සිදුවුණු බයිසිකල් අනතුරකින් පස්සේ කොන්දේ ආබාධයකින් පීඩා විඳිනවා. ඒ නිසා ඔහුට නැවතත් ප්‍රතිකාර සඳහා යොමු වෙන්න සිද්ධ වුණා. කෙනන් තොම්සන් මීට කලිනුත් 2020 වසරේදී සයිමන් වෙනුවට විනිසුරු මඩුල්ලට එකතු වුණා. ඒ වගේම ඔහු ‘සැටඩේ නයිට් ලයිව්’ වැනි වැඩසටහන් හරහා ලෝකය පුරාම රසිකයන් අතර ජනප්‍රිය වුණු කෙනෙක්. ඉතින් එමි සම්මානලාභී මේ විකට නළුවා තරගකරුවන්ගේ දක්ෂතා විනිශ්චය කරන හැටි බලන්න රසිකයන් ගොඩක් උනන්දුවෙන් බලාගෙන හිටියා.
සමාජ මාධ්‍ය ඔස්සේ මේ ගැන නිවේදනය කරමින් වැඩසටහන් නිෂ්පාදකවරුන් සඳහන් කළේ විකට ලෝකයේ දැවැන්තයෙක් මෙවර විනිසුරු අසුනට එන එක ගැන තමන් ගොඩක් සතුටු වෙනවා කියලයි. කෙනන් තොම්සන්ගේ පැමිණීමත් එක්ක වැඩසටහනට අලුත් වටිනාකමක් එකතු වුණා කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. කොහොම වුණත් සයිමන් කවෙල් නැති අඩුව කෙනන් තොම්සන් කොයිතරම් දුරට පිරිමහයිද කියලා බලන්න රසිකයන්ට පුළුවන් වුණා.

Discussion & Feedback