ඔස්කාර් සම්මානලාභී නළු කී හුයි ක්වාන් තමන්ගේ ළමා කාලයේ අත්දැකීමක් ගැන අලුත්ම මතක සටහන් පොතක් වන ‘නෙවර් සේ ඩයි’ හරහා හෙළි කරලා තියෙනවා. ඔහු වයස අවුරුදු 12දී ‘ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් දූම්’ චිත්රපටයේ රඟපාන කාලේ සිදුවුණු මේ සිදුවීම ඇත්තටම හරිම පුදුම සහගතයි. චිත්රපටය රූගත කරලා ඉවර වුණාට පස්සේ දවසක, ක්වාන්ගේ දෙමව්පියන් ලොකු පුදුමයකින් සහ සතුටකින් ඉන්නවා ඔහු දකිනවා. ඒ වෙලාවේ ඔවුන් ඔහුට ලූකස් ෆිල්ම් ආයතනයෙන් එවා තිබුණු ලියුම් කවරයක් දෙනවා. ඒ ඇතුළේ තිබුණේ ඇමරිකානු ඩොලර් ලක්ෂයකට ආසන්න චෙක්පතක්. ඒ කාලේ ඒ වගේ මුදලක් කියන්නේ හිතාගන්නවත් බැරි තරම් විශාල මුදලක්.
ඇත්තටම මේ චිත්රපටය සඳහා ඔහුට ලැබිය යුතු මුදල කලින්ම ගෙවලා තිබුණත්, චිත්රපටය ලෝකය පුරාම අති සාර්ථක වෙලා ඩොලර් මිලියන 300කට වඩා ආදායම් ලැබුවා. ඒ නිසා චිත්රපටයේ අධ්යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග් සහ නිෂ්පාදක ජෝර්ජ් ලූකස් තීරණය කරලා තියෙනවා මේ පොඩි දරුවාටත් චිත්රපටයේ ලාභයෙන් කොටසක් ලබා දෙන්න. ඒ කාලේ ප්රධාන පෙළේ නළුවන්ටවත් චිත්රපටයක ලාභයෙන් කොටසක් ලැබෙන්නේ නැති යුගයක, මේ වගේ දෙයක් දරුවෙක්ට ලැබීම හරිම දුර්ලභ දෙයක්. මේ ගැන කතා කරන ක්වාන් කියන්නේ, ඒ ලැබුණු මුදල තමන්ගේ පවුලේ ජීවිතයම සම්පූර්ණයෙන්ම වෙනස් කළා කියලයි. ඇත්තටම මේ වගේ උදව්වක් ලැබීම ඔහුට තවමත් හිතාගන්න බැරි තරම් ලොකු දෙයක් වෙලා තියෙනවා.

Discussion & Feedback