ලෝක ප්රසිද්ධ ‘Nightcall’ ගීතය හරහා සංගීත ලෝලීන්ගේ හදවත් දිනාගත් ප්රංශ ජාතික සංගීත ශිල්පී සහ ප්රසිද්ධ DJ ශිල්පියෙක් වන කවින්ස්කි (Kavinsky) වයස අවුරුදු 50 දී අභාවප්රාප්ත වෙලා. ප්රංශ මාධ්ය වාර්තා කරන විදියට, පසුගිය අඟහරුවාදා සවස පැරිස් නුවර පිහිටි ඔහුගේ නිවසේදී ඔහු මියගොස් සිටියදී සොයාගෙන තියෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් පැරිස් නඩු පවරන්නන්ගේ කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කර තිබුණත්, මූලික පරීක්ෂණවලදී සැක සහිත කිසිවක් හමුවී නැති බවයි වාර්තා වෙන්නේ.
වින්සන්ට් බෙලෝර්ජි නමින් උපන් ඔහු, 2011 වසරේ තිරගත වුණු ‘Drive’ චිත්රපටයේ ආරම්භක ගීතය ලෙස ‘Nightcall’ භාවිතා කිරීමත් සමඟ ලෝක ප්රසිද්ධියට පත්වුණා. Daft Punk කණ්ඩායමේ සහාය ඇතිව නිර්මාණය වුණු මේ ගීතය අදටත් බොහෝ දෙනා අතර ජනප්රියයි. ඔහු සිය වෘත්තීය ජීවිතය තුළ ‘OutRun’ සහ ‘Reborn’ ලෙස ඇල්බම දෙකක් එළිදක්වා තිබෙන අතර, 80 දශකයේ වීඩියෝ ක්රීඩා සහ චිත්රපටවලින් ඔහු විශාල ආභාෂයක් ලබා තිබුණා. මෑතකදී පැරිස් පැරා ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවයේදීත් ඔහු සිය දක්ෂතා පෙන්වූ අතර, ඔහුගේ වියෝව ලෝක සංගීත ක්ෂේත්රයට විශාල පාඩුවක් බවයි රසිකයන් පවසන්නේ.

Discussion & Feedback