ප්රකට ගායිකා කැටි පෙරී තමන්ගේ ජනප්රිය ‘Firework’ ගීතය ධවල මන්දිරයේ ටික්ටොක් (TikTok) ගිණුම හරහා යුදමය වීඩියෝවකට යොදා ගැනීම සම්බන්ධයෙන් දැඩි අප්රසාදය පළ කර තිබෙනවා. ඉරානයට එල්ල කළ ප්රහාරයක් පෙන්වන වීඩියෝවකට පසුබිම් සංගීතය ලෙස මෙම ගීතය යොදා ගැනීම ඇය හඳුන්වා දී ඇත්තේ ඉතාමත් පිළිකුල් සහගත ක්රියාවක් ලෙසයි. තමන්ගේ අවසරයකින් තොරව මෙවැනි දෙයක් සිදු කිරීම ගැන ඇය සිය සමාජ මාධ්ය ගිණුම් හරහා දැඩි විරෝධයක් එල්ල කර තිබෙනවා.
ඇය පවසන පරිදි, ‘Firework’ ගීතය නිර්මාණය කළේ මිනිසුන්ට බලාපොරොත්තුවක් සහ ශක්තියක් ලබා දීම සඳහා මිස, යුද්ධය හෝ විනාශය සැමරීම සඳහා නෙවෙයි. මෙවැනි අර්ථවත් ගීතයක් ප්රචණ්ඩත්වය පෙන්වීමට යොදා ගැනීම ඇයගේ ගීතයේ අරමුණට කරන ලද විශාල අගෞරවයක් බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පාලන සමයේදී මෙවැනි සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවෙයි. මීට පෙර ගායිකා අරියානා ග්රෑන්ඩ් ද තමන්ගේ ගීතයක් දේශපාලන කටයුතු සඳහා අවසරයකින් තොරව යොදා ගැනීම සම්බන්ධයෙන් ධවල මන්දිරයට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබුණා.
මෙම සිදුවීමත් සමඟම කලාකරුවන්ගේ නිර්මාණ දේශපාලන සහ යුදමය ප්රචාරණ කටයුතු සඳහා යොදා ගැනීම පිළිබඳව ලොව පුරා දැඩි කතාබහක් ඇති වී තිබෙනවා. කැටි පෙරීගේ මෙම ප්රකාශයත් සමඟම ධවල මන්දිරයේ ක්රියාකලාපය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විවේචන එල්ල වෙමින් පවතින අතර, කලාකරුවෙකුගේ නිර්මාණාත්මක නිදහස සහ අයිතිවාසිකම් සුරැකීම පිළිබඳව නැවත වරක් සමාජයේ අවධානය යොමු වී තිබෙනවා.

Discussion & Feedback