ප්‍රසිද්ධ ඇමරිකානු විකට නිළියක් වන කැතී ග්‍රිෆින් මේ දිනවල අලුත්ම කතාවක් කරලියට ගෙනැවිත් තියෙනවා. ඇය පවසන විදිහට ජනප්‍රිය ‘ද ටුනයිට් ෂෝ ස්ටාරින් ජිමී ෆැලන්’ වැඩසටහනට ඇයව තහනම් කරලා තියෙනවාලු. වසර 15ක් තිස්සේ ඇයට එම වැඩසටහනට ආරාධනාවක් ලැබිලා නැති අතර, ඇය මේ ගැන සැක පළ කරන්නේ ජිමී ෆැලන්ගේ වැඩසටහනට කොනර් මැක්ග්‍රෙගර් වැනි මතභේදාත්මක චරිත ආරාධනා කිරීමේදී පවතින ද්විත්ව ප්‍රතිපත්තිය නිසයි. කාන්තාවන්ට එරෙහිව ක්‍රියා කළ පුද්ගලයින්ව මෙවැනි වැඩසටහන්වලින් උත්කර්ෂයට නැංවීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ඇය අවධාරණය කරනවා.
තමන්ව බොහෝ වැඩසටහන්වලින් තහනම් කර ඇති බවත්, ඒ ගැන නිල වශයෙන් කිසිවක් නොපැවසුවත් තමන්ව වැඩසටහන්වලට නොගැනීමෙන් එය පැහැදිලි වන බවත් ඇය පවසනවා. විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි අයව වැඩසටහන්වලට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඇය කලකිරීමෙන් පසුවනවා. තමන්ව වසර හතක් පුරා කර්මාන්තයෙන් ඉවත් කර තැබීමෙන් පසුව, දැන් තමන් නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් සිටින බව ඇය සඳහන් කළත්, සමාජයේ පවතින මේ ‘කැන්සල් කල්චර්’ හෙවත් පුද්ගලයින්ව තහනම් කිරීමේ ක්‍රමවේදය ගැන ඇය ප්‍රශ්න කරනවා. කවුරුන්ව තහනම් කළ යුතුද සහ කවුරුන්ව නොකළ යුතුද යන්න ගැන නිවැරදි තීරණයක් ගැනීමට කාලය පැමිණ ඇති බව ඇය වැඩිදුරටත් පවසනවා.

Discussion & Feedback