ප්රසිද්ධ ඔන්ලයින් වෙළඳ වේදිකාවක් වන ‘කල්ෂි’ (Kalshi) ආයතනය, නෙට්ෆ්ලික්ස් සමාගමට එරෙහිව අපහාසාත්මක නඩුවක් ගොනු කරන බවට අනතුරු අඟවා තිබෙනවා. ඒ ඔවුන්ගේ ඉදිරියේදී විකාශය වීමට නියමිත ‘ද ප්රෙඩික්ෂන් ගේම්ස්’ (The Prediction Games) වාර්තා චිත්රපටයේ ට්රේලරය තුළ අසත්ය සහ නොමඟ යවන සුළු කරුණු අඩංගු බව පවසමින්. නෙවාඩා ප්රාන්තයේ ක්රීඩා සම්බන්ධ ඔට්ටු ඇල්ලීම් තහනම් කරමින් අධිකරණය ලබාදුන් නියෝගයක් තිබියදීත්, කල්ෂි වේදිකාව හරහා නීති විරෝධී ලෙස ඔට්ටු ඇල්ලීම් සිදුකරන බව මෙම ට්රේලරයෙන් පෙන්වා දීම ඔවුන්ගේ දැඩි විරෝධයට හේතු වී තිබෙනවා.
කෙසේ වෙතත්, නෙට්ෆ්ලික්ස් සමාගම පවසන්නේ මෙම දර්ශනවල සිටින පුද්ගලයා අදාළ ඔට්ටුව තබා ඇත්තේ අධිකරණ නියෝගය ලැබීමට බොහෝ කලකට පෙර බවයි. නමුත් කල්ෂි ආයතනය තවදුරටත් චෝදනා කරන්නේ එම දර්ශනවල ඇති තිරගත කිරීම් ව්යාජ ඒවා බවත්, තම සමාගම කිසිවිටෙකත් ‘බෙට් ස්ලිප්’ (bet slip) වැනි වචන භාවිත නොකරන බවත්ය. කල්ෂි යනු සූදු වේදිකාවක් නොව භාණ්ඩ වෙළඳාම් කරන නියාමනය කළ ආයතනයක් බව ඔවුන් අවධාරණය කරනවා. කෙසේ වෙතත්, මෙම ගැටුම නිසා නෙට්ෆ්ලික්ස් වාර්තා චිත්රපටයේ විකාශය සම්බන්ධයෙන් මේ වන විට ලොකු කතාබහක් ඇතිව තිබෙනවා.

Discussion & Feedback