සාජා සිට කරච්චි බලා පියාසර කරමින් තිබූ K2 එයාර්වේස් සමාගමට අයත් බෝයිං 737-400 වර්ගයේ භාණ්ඩ ප්රවාහන ගුවන් යානයක් අරාබි මුහුදට ඉහළින් අතුරුදහන් වී තිබෙනවා. පකිස්ථාන ගුවන් තොටුපළ අධිකාරිය පවසන පරිදි, යානය කරච්චි නුවරට නාවික සැතපුම් 155ක් පමණ දුරින් තිබියදී ගුවන් නියමුවන් විසින් යානයේ සංචාලන පද්ධතියේ දෝෂයක් ඇති බව පාලක මැදිරියට දැනුම් දී තිබෙනවා. ඉන් සුළු මොහොතකට පසු, එනම් රාත්රී 9.21ට පමණ රේඩාර් දත්තවලින් පෙනී ගොස් ඇත්තේ යානය ඉතා වේගයෙන් පහළට කඩා වැටෙමින් තිබූ බවයි. යානයේ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු සිට ඇති අතර, ඔවුන්ට කුමක් සිදුවූයේද යන්න පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් ලැබී නැහැ.
මෙම සිදුවීමෙන් පසු පකිස්ථාන නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා. PNS සුල්ෆිකාර් නෞකාව ඇතුළු ගුවන් යානා කිහිපයක්ම අදාළ ප්රදේශයට යොමු කර ඇති අතර, යානය මුහුදට කඩා වැටී ඇති බවට සැක කෙරෙනවා. ගුවන් ගමන ආරම්භයේදී යානයට GNSS සංඥා බාධා කිරීම්වලට මුහුණ දීමට සිදුවූ බවත්, එය මෙම අනතුරට බලපෑවේද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ සිදුවන බවත් වාර්තා වෙනවා. භාණ්ඩ ප්රවාහන යානයක් වුවත්, මෙම සිදුවීම ගුවන් සේවා ක්ෂේත්රයේ විශාල කතාබහකට ලක්ව තිබෙනවා.

Discussion & Feedback