ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්රාන්තයේදී තම දරුවන් තිදෙනා ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව සිටින ලින්ඩ්සේ ක්ලැන්සි නමැති මවගේ නඩු විභාගය මේ වන විට ඉතා තීරණාත්මක අදියරක පවතිනවා. ඇය දරුවන් ඝාතනය කළ බව පිළිගත්තත්, ඇයගේ නීතිඥවරුන් පවසන්නේ දරු ප්රසූතියෙන් පසු ඇතිවන මානසික රෝගී තත්ත්වයක් වන ‘පෝස්ට්පාටම් සයිකෝසිස්’ (Postpartum psychosis) හේතුවෙන් ඇය සිහිබුද්ධියෙන් තොරව මෙම අපරාධය සිදු කර ඇති බවයි. මේ නිසා ඇය වරදකාරිය නොවන බව ඔවුන් තර්ක කරනවා.
කෙසේ වෙතත්, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පවසන්නේ ඇය ඉතා සැලසුම් සහගතව මෙම ඝාතන සිදු කර ඇති බවයි. ඇය දරුවන් ඝාතනය කිරීමෙන් පසු සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති අතර, එම සිදුවීමෙන් ඇය අංශභාග රෝගියෙකු බවට පත්වී රෝද පුටුවක ආධාරයෙන් නඩු විභාගයට සහභාගී වෙනවා. මේ වන විට ජූරි සභාව විසින් ඇය වරදකාරියක්ද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
ඇය වරදකාරියක් ලෙස තීරණය වුවහොත් ඇයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි අතර, ඇය මානසික රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම අපරාධය සිදු කළ බව ඔප්පු වුවහොත් ඇයව මානසික රෝහලකට යොමු කිරීමට ඉඩ තිබෙනවා. ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය දිනාගත් මෙම නඩුවේ අවසන් තීන්දුව කුමක් වේදැයි සැවොම බලා සිටිනවා.

Discussion & Feedback