ජූලි 29 වැනිදා රාත්‍රියේ ලොව පුරා සිටින තාරකා විද්‍යා ලෝලීන්ගේ නෙත් සිත් පිනා යමින් ‘බක් මූන්’ (Buck Moon) ලෙස හඳුන්වන පූර්ණ චන්ද්‍රයා අහසේ දර්ශනය වුණා. ඇමරිකානු ආදිවාසීන් විසින් මෙම නම තබා ඇත්තේ වසරේ මේ කාලයේදී තරුණ මුවන්ගේ අං වැඩෙන නිසයි. සඳෙහි පෙනුමේ ලොකු වෙනසක් සිදු නොවූවත්, හිරු බැස යන විට නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවූ මේ චන්ද්‍රයා ඉතාමත් මනරම් දසුනක් මවා තිබුණා. ලොව පුරා සිටින ඡායාරූප ශිල්පීන් විසින් මෙම සුන්දර අවස්ථාව විවිධ නගර සහ ස්වභාවික දර්ශන පසුබිම් කරගනිමින් ඉතා අපූරුවට කැමරා කාචයට හසු කරගෙන තිබුණා.
තුර්කියේ ටෙකීර්දාග් නගරයේදී බැලේ නර්තන ශිල්පිනියකගේ පසුබිමින් සඳ දිස්වූ අයුරු මෙන්ම, ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර ගෝල්ඩන් ගේට් පාලම පසුපසින් සඳ උදාවූ අයුරු ඉතාමත් ආකර්ෂණීයයි. කෙසේ වෙතත්, යුරෝපයේ සමහර ප්‍රදේශවල ලැව්ගිනි නිසා ඇතිවූ දුමාරය හේතුවෙන් සඳ රතු පැහැයෙන් දිස්වූ අතර එය තරමක් බියකරු දසුනක් වුණා. නිව්යෝර්ක් නුවර වන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැගිල්ල මුදුනින් සඳ දිස්වූ අයුරුත්, කැනඩාවේ වුඩ්බයින් වෙරළ තීරයේ සිට ජනතාව සඳ දෙස බලා සිටි අයුරුත් ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තා. මේ ආකාරයට ලොව පුරා විවිධ රටවලින් වාර්තා වූ ‘බක් මූන්’ චන්ද්‍රයාගේ ඡායාරූප පෙළක් මේ වන විට අන්තර්ජාලය පුරා සංසරණය වෙමින් පවතිනවා.

Discussion & Feedback