ජනප්‍රිය හොලිවුඩ් නිළි ජූලියා ගානර් ප්‍රධාන චරිතයට පණ පොවන අලුත්ම ත්‍රාසජනක කතා මාලාවක් වන ‘ගිල්ටි ක්රියචර්ස්’ (Guilty Creatures) ගැන මේ දවස්වල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. මේ කතා මාලාව නිර්මාණය වෙන්නේ මිකිටා බ්රොට්මන් ලියපු ‘Guilty Creatures: Sex, God, and Murder in Tallahassee, Florida’ කියන සත්‍ය සිදුවීමක් ඇසුරු කරගෙන ලියවුණු පොතක් පදනම් කරගෙනයි. ඇපල් ටීවී හරහා විකාශය වෙන්න නියමිත මේ කතා මාලාව අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂක ක්‍රේග් ගිලෙස්පි විසින්. මෙහි විධායක නිෂ්පාදකවරියක් විදිහටත් ජූලියා ගානර් කටයුතු කරනවා.
මේ කතාව ගෙතෙන්නේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිදුවුණු අතිශය සංවේදී සහ අභිරහස් මිනීමැරුම් සිදුවීමක් වටායි. ආගම දහමට ලැදි, නමුත් රහසිගත ප්‍රේම සම්බන්ධයක පැටලෙන තරුණ යුවළක් කරන මිනීමැරුමක් සහ ඉන්පසු ඔවුන් වසර 18ක් තිස්සේ මිනීමරුවන් ලෙස ජීවත් වෙමින් විඳින මානසික පීඩනය ගැන මේ කතා මාලාවෙන් ඉතාම ගැඹුරින් විග්රහ කරනවා. ‘ඔසාර්ක්’ (Ozark) වැනි ජනප්‍රිය කතා මාලා හරහා ලොවම දිනාගත් ජූලියා ගානර්ගේ රංගනය මේ කතා මාලාවට ලොකු ශක්තියක් වේවි කියලා තමයි රසිකයන් බලාපොරොත්තු වෙන්නේ. සාරා ඩෙලැප් විසින් තිර රචනය කරන මේ නිර්මාණය ඉදිරියේදී ඇපල් ටීවී ඔස්සේ අපිට බලාගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback