ශ්‍රී ලංකාවේ උසස් අධිකරණ විනිසුරුවරුන් ඇතුළු සමස්ත අධිකරණ පද්ධතියේම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට අධිකරණ අමාත්‍යාංශය සූදානම් වන බව වාර්තා වෙනවා. නඩු ප්‍රමාදයන් අවම කිරීමේ අරමුණින් මෙය සිදුකරන බව රජය පැවසුවත්, අධිකරණ සේවා සංගමය ඇතුළු පාර්ශව රැසක් මෙම තීරණයට දැඩි විරෝධයක් පළ කරනවා. කිසිදු සාකච්ඡාවකින් තොරව රහසිගතව මෙවැනි ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ තර්ජනයක් බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.
අතීතයේ සිටම විවිධ පාලකයින් තමන්ගේ දේශපාලන වාසි වෙනුවෙන් ව්‍යවස්ථාව වෙනස් කළ ආකාරය අපි දැක තිබෙනවා. දැන් ගෙන එන්නට හදන මෙම සංශෝධනය මගින් අනාගතයේදී ඕනෑම රජයකට තමන්ට අවශ්‍ය පරිදි විනිසුරුවරුන්ගේ සේවා කාලය තීරණය කිරීමට දොර විවෘත වෙනවා. මෙය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලන කාලය තුළ සිදුවන වැරදි පූර්වාදර්ශයක් ලෙස ඉතිහාසයට එක්වීමට ඉඩ තිබෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය යනු ජනතා පරමාධිපත්‍යයේ කොටසක් මිස දේශපාලනඥයින්ට ඕනෑ විදිහට හැසිරවිය හැකි දෙයක් නෙවෙයි.
එම නිසා, මෙවැනි සංවේදී තීරණ ගැනීමේදී පුළුල් මහජන සහ වෘත්තීය උපදේශන ක්‍රියාවලියක් අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි. රහසිගතව ගනු ලබන තීරණ මගින් අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ වැටිය හැකි අතර, එය රටේ අනාගතයට ඉතා අහිතකර ලෙස බලපානවා. පාලකයින් තමන්ගේ බලය භාවිතා කළ යුත්තේ මහජන විශ්වාසය සුරකින ආකාරයට මිස, තමන්ගේ අභිමතය පරිදි අධිකරණය පාලනය කිරීමට නොවන බව සිහි තබා ගත යුතුයි.

Discussion & Feedback