ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් බීබීසී (BBC) මාධ්ය ආයතනයට එරෙහිව ගොනු කර ඇති ඇමරිකානු ඩොලර් බිලියන 10ක අපහාස නඩුව සම්බන්ධයෙන් මේ වන විට අලුත්ම තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව, ට්රම්ප්ගේ ව්යාපාරික කටයුතු පාලනය කරන ‘ඩොනල්ඩ් ජේ. ට්රම්ප් රිවෝකබල් ට්රස්ට්’ ආයතනය සතු මූල්ය ලේඛන බීබීසී ආයතනයට ලබා දෙන ලෙස ෆෙඩරල් මහේස්ත්රාත් විනිසුරු එන්ජොලික් ඇයිච් ලෙට් නියෝග කර තිබෙනවා. කෙසේ වෙතත්, මෙම ලේඛන ලබා දීමේදී 2023 ජනවාරි 01 වැනිදායින් පසු කාලසීමාවට පමණක් එය සීමා කිරීමට විනිසුරුවරිය පියවර ගෙන තිබීම විශේෂත්වයක්.
ට්රම්ප් මෙම නඩුව පවරා තිබුණේ ජනවාරි 6 වැනිදා කැපිටල් ගොඩනැගිල්ලට එල්ල වූ ප්රහාරය සම්බන්ධයෙන් බීබීසී ආයතනය විකාශය කළ වාර්තා වැඩසටහනකදී ඔහුගේ කතාවක් වැරදි ලෙස සංස්කරණය කර ඉදිරිපත් කළ බව පවසමින්. තම ව්යාපාරික කීර්තිනාමයට සහ දේපළවලට මෙමගින් විශාල හානියක් සිදුවූ බව ට්රම්ප්ගේ පාර්ශ්වය තර්ක කරනවා. මෙම නඩුව නිසා බීබීසී ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකුටම සිය ධුරවලින් ඉල්ලා අස්වීමට පවා සිදුවුණා. බීබීසී ආයතනය පසුව මේ සම්බන්ධයෙන් සමාව අයැද සිටියත්, වන්දි මුදලක් ගෙවීමට එකඟ වී නැහැ.
විනිසුරුවරිය පෙන්වා දෙන්නේ ට්රම්ප් ඉල්ලා සිටින හානිපූර්ණයන් තක්සේරු කිරීම සඳහා මෙම මූල්ය ලේඛන ඉතා වැදගත් වන බවයි. ට්රම්ප්ගේ නීති කණ්ඩායම පවසන්නේ බීබීසී ආයතනය හිතාමතාම අසත්ය තොරතුරු පතුරුවා මැතිවරණයට බලපෑම් කිරීමට උත්සාහ කළ බවයි. කෙසේ වෙතත්, මෙම නඩුව හරහා ජනවාරි 6 සිදුවීම නැවත විමර්ශනය කිරීමක් සිදු නොවන බවත්, අවධානය යොමු වන්නේ ට්රම්ප්ගේ මූල්ය තත්ත්වයට සිදුවූ බලපෑම මත පමණක් බවත් අධිකරණය පැහැදිලි කර තිබෙනවා.

Discussion & Feedback