ලෝක ප්රකට මාධ්ය සමාගම් දෙකක් වන පැරාමවුන්ට් සහ වෝනර් බ්රදර්ස් ඩිස්කවරි අතර සිදුවීමට නියමිත ඒකාබද්ධ වීමේ ගනුදෙනුව තවත් සති දෙකක කාලයකට අත්හිටුවීමට ඇමරිකානු ෆෙඩරල් විනිසුරුවරියක් නියෝග කරලා තියෙනවා. මේ තීරණයත් එක්ක අගෝස්තු 17 වෙනිදා දක්වා මේ සමාගම් දෙකට ඔවුන්ගේ ගනුදෙනුව අවසන් කරන්න බැහැ. නීතිමය කටයුතු සහ ඉදිරි පියවරයන් ගැන සාකච්ඡා කරන්න දෙපාර්ශවයටම වැඩි කාලයක් ලබා දීමේ අරමුණින් තමයි විනිසුරු ඇරසෙලි මාර්ටිනස්-ඔල්ගුයින් මේ තාවකාලික තහනම් නියෝගය දීර්ඝ කරලා තියෙන්නේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික නඩු විභාගයක් පවත්වන්නත් නියමිතයි. විශේෂයෙන්ම ලේඛකයන්ගේ සංගමය (WGA) සහ ප්රාන්ත නීතිපතිවරුන් පිරිසක් මේ ඒකාබද්ධ වීමට එරෙහිව නඩු පවරා තියෙනවා. ඒ නිසා මේ නඩුව විසඳෙන තුරු ගනුදෙනුව ඉදිරියට ගෙන යන්න බැරි තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අගෝස්තු 3 වෙනිදා මේ සම්බන්ධයෙන් විශේෂ නඩු විභාගයක් පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණිය යුතු බවත් විනිසුරුවරිය පෙන්වා දෙනවා.
පැරාමවුන්ට් සමාගම මේ නඩුව ඉක්මනින් අවසන් කරගන්න උත්සාහ කළත්, නීතිමය ගැටලු විසඳෙන තුරු මේ ඒකාබද්ධ වීම තාවකාලිකව නතර කර තැබීමට සිදුවීම ඔවුන්ට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. ඉදිරි දිනවලදී මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු බලාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback