ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සී.එන්.එන් (CNN), පොලිටිකෝ (Politico) සහ එම්.එස් නව් (MS NOW) යන ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනවල වාර්තාකරුවන්ට ධවල මන්දිරයට ඇතුළු වීම තහනම් කර තිබෙනවා. මෙම මාධ්‍ය ආයතන තමන් ගැන අසත්‍ය තොරතුරු සහ බොරු ප්‍රචාරය කරන බව පවසමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති අතර, පසුගිය සෙනසුරාදා උදෑසන එම ආයතනවල වාර්තාකරුවන් ධවල මන්දිරයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔවුන්ගේ හැඳුනුම්පත් අක්‍රිය කර තිබෙනවා. ආරක්ෂක නිලධාරීන් විසින් එම හැඳුනුම්පත් රාජසන්තක කර ඇති අතර, මෙය මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක් බවට අදාළ ආයතන දැඩි ලෙස විරෝධය පළ කරනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමය පවසන්නේ, ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මාධ්‍ය නිදහසට එල්ල කළ ප්‍රහාරයක් බවයි. ඕනෑම රජයක් ජනතාවට වගකිව යුතු බවත්, මාධ්‍යවේදීන්ට තම රාජකාරිය බාධාවකින් තොරව කිරීමට අයිතියක් ඇති බවත් ඔවුන් අවධාරණය කරනවා. ට්‍රම්ප් පවසන්නේ මෙය තමන්ට එරෙහිව වසර ගණනාවක් තිස්සේ සිදුවන අසත්‍ය වාර්තාකරණයන් නිසා ගත් තීරණයක් බවයි. කෙසේ වෙතත්, ඉදිරියේදී තවත් මාධ්‍ය ආයතනවලට මෙවැනිම තහංචි පැනවීමට ඉඩ ඇති බවට ඔහු ඉඟි කර තිබෙනවා. මේ වන විට මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් මෙම තීරණය නීතිවිරෝධී බව පවසමින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback