උගන්ඩාවේ ප්‍රසිද්ධ රාජධානි හතරෙන් එකක් වන ටූරෝ රාජධානියේ නව රජු ලෙස එඩ්වඩ් රුකිඩි කිජනන්ගෝමා පත් කර තිබෙනවා. වයස අවුරුදු 56ක් වන මොහු මීට පෙර රාජ්‍ය මාධ්‍ය ආයතනයක ප්රවෘත්ති නිවේදකයෙක් සහ සංස්කාරකවරයෙක් ලෙස කටයුතු කළ කෙනෙක්. පසුගියදා වයස අවුරුදු 34දී අභාවප්‍රාප්ත වූ ඔයෝ රුකිඩි රජුගෙන් පසුව, ටූරෝ රාජධානියේ සිහසුනට මොහු පත්වන්නේ දැඩි මතභේද සහ විරෝධතා මධ්‍යයේයි. සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලට අනුව නව රජු අභිෂේක කිරීමේ උත්සවය මේ වන විට ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වෙනවා.
කෙසේ වෙතත්, මෙම පත්වීම සම්බන්ධයෙන් රාජකීය පවුල තුළ විශාල ගැටුමක් නිර්මාණය වී තිබෙනවා. මියගිය ඔයෝ රජුගේ මව වන බෙස් කෙමිගිසා රැජින පවසන්නේ, සිය පුත්‍රයාගේ අවසන් කැමැත්ත අනුව ඔහුගේ පුත්‍රයා සිහසුනට පත් විය යුතු බවයි. නමුත් රාජකීය කමිටුව පවසන්නේ එවැනි උරුමක්කාරයෙක් නිල වශයෙන් ඉදිරිපත් වී නොමැති බවත්, කිජනන්ගෝමා රජු ලෙස තෝරාගත්තේ ටූරෝ සම්ප්‍රදායන්ට අනුකූලව බවත්ය. මේ නිසා නව රජුගේ පත්වීම සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් අතර දැඩි නොසන්සුන්තාවයක් පවතිනවා. කෙසේ වෙතත්, බබීටෝ වංශයේ සාමාජිකයෙකු වන කිජනන්ගෝමා මේ වන විට සිය රාජකීය වගකීම් භාරගනිමින් සිටිනවා.

Discussion & Feedback