ලෝක ප්රසිද්ධ බ්රෝඩ්වේ නාට්ය සහ ‘ද මාර්වලස් මිසිස් මයිසෙල්’ (The Marvelous Mrs. Maisel) වැනි ජනප්රිය ටෙලි කතාමාලා හරහා රසික හදවත් දිනාගත් දක්ෂ නළු ජොෂ් ග්රිසෙට්ටි වයස අවුරුදු 44 දී අභාවප්රාප්ත වෙලා. ඔහු සියදිවි හානි කරගෙන ඇති බව ඔහුගේ සමීපතම මිතුරෙකු සහ රංගන ශිල්පියෙකු වන රොබ් මැක්ලුවර් සමාජ මාධ්ය ඔස්සේ තහවුරු කර තිබෙනවා. මේ පුවත ඇසීමෙන් ඔහුගේ රසිකයන් සහ සෙසු රංගන ශිල්පීන් දැඩි කම්පනයකට පත්ව සිටිනවා.
ජොෂ් ග්රිසෙට්ටි ‘සම්තිං රොටන්!’ (Something Rotten!) සහ ‘ඉට් ෂුඩ් අ බීන් යූ’ (It Shoulda Been You) වැනි බ්රෝඩ්වේ නාට්ය හරහා විශාල ජනප්රියත්වයක් ලබා ගත්තා. රොබ් මැක්ලුවර් පවසන විදිහට, ඔවුන් දෙදෙනා වසර ගණනාවක් තිස්සේ වේදිකාවේ සහෝදරයන් ලෙස රඟපාමින් ඉතා සමීප මිත්රත්වයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. ඔහු රංගනයෙන් දායක වූ ‘ද මාර්වලස් මිසිස් මයිසෙල්’ කතාමාලාවේ පස්වන වාරයේ ඔහු රඟපෑ චරිතය බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා.
මීට අමතරව ‘ද නයිට්ස් ඔෆ් ප්රොස්පෙරිටි’, ‘නර්ස් ජැකී’ සහ ‘ද ගුඩ් ෆයිට්’ වැනි ටෙලි කතාමාලා කිහිපයකම ඔහු රඟපා තිබෙනවා. ඉතා කෙටි කාලයක් තුළ ලෝක සිනමාවේ සහ වේදිකාවේ තමන්ගේ සලකුණ තැබූ මේ දක්ෂ නළුවාගේ අකල් වියෝව කලා ලෝකයට විශාල පාඩුවක්. ඔහුගේ වියෝව සම්බන්ධයෙන් මේ වන විටත් බොහෝ දෙනා සමාජ මාධ්ය ඔස්සේ සිය ශෝකය පළ කරමින් සිටිනවා.

Discussion & Feedback