ප්රසිද්ධ රොක් ගායක ජෝන් බොන් ජොවි තමන්ගේ අලුත්ම සංගීත සංචාරය අතරතුර නිව්යෝර්ක් නුවර මැඩිසන් ස්ක්වෙයාර් ගාඩන්හි පැවැත්වූ ප්රසංගය හදිසියේම නතර කිරීමට සිදුවුණා. ප්රසංගය අතරතුර ඔහුගේ හඬේ යම් අපහසුතාවයක් ඇතිවීම නිසා ඔහුට ගායනා කිරීමට අපහසු වී තිබෙනවා. මේ ගැන ප්රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලූ ජෝන්, තමන්ගේ උපරිමය ලබාදීමට නොහැකි තත්ත්වයක සිටින බවත්, ඒ නිසා ප්රසංගය වෙනත් දිනයක පැවැත්වීමට කටයුතු කරන බවත් වේදිකාවේ සිටම ප්රකාශ කළා. තමන්ගේ ටිකට් පත් ඉවත නොදමා ආරක්ෂා කරගන්නා ලෙසත්, නැවත ප්රසංගය පැවැත්වෙන දිනයක් ඉක්මනින්ම දැනුම් දෙන බවත් ඔහු රසිකයන්ට පොරොන්දු වුණා.
ඇත්තටම ජෝන් බොන් ජොවි මීට පෙරත් හඬ ආශ්රිත ගැටලු කිහිපයකටම මුහුණ දී තිබෙනවා. 2015 වසරේ සිට පැවති හඬේ ගැටලු නිසා 2022 වසරේදී ඔහුට හඬ තන්තු ආශ්රිත සැත්කමකට පවා මුහුණ දීමට සිදුවුණා. මේ පිළිබඳව ඔහු මෑතකදී නිකුත් වූ වාර්තාමය වැඩසටහනකදීත් විවෘතව කතා කර තිබුණා. කෙසේ වෙතත්, රසිකයන් ඔහුට විශාල සහයෝගයක් ලබාදෙමින් සිටින අතර, ඔහු නැවතත් වේදිකාවට පැමිණෙන තුරු බලා සිටින බව සමාජ මාධ්ය ඔස්සේ පණිවිඩ තබමින් පවසනවා. බොන් ජොවිගේ මෙම සංගීත සංචාරය ජූලි 7 වැනිදා ආරම්භ වූ අතර, ඉදිරියේදී එක්සත් රාජධානියේ ප්රසංග මාලාවක් සඳහාත් ඔවුන් සහභාගී වීමට නියමිතයි.

Discussion & Feedback