ලෝක ප්රසිද්ධ හොලිවුඩ් නළු ජොනී ඩෙප් පසුගියදා පැවැත්වුණු සැන් ඩියාගෝ කොමික්-කොන් උළෙලේදී රසිකයන්ව පුදුමයට පත් කරමින් නැවතත් කරළියට පැමිණියා. ඔහු මෙවර එහි පැමිණියේ ‘එබනීසර්’ (Ebenezer) නමැති සිය අලුත්ම චිත්රපටයේ චරිතයක් වන ස්ක්රූජ් ලෙස වෙස්වලාගෙනයි. ඉතාමත් අමුතු සහ විනෝදජනක ස්වරූපයකින් වේදිකාවට ගොඩවූ ජොනී ඩෙප්, තමන්ගේ අතේ තිබූ ඉටිපන්දමකින් කතා කරමින් ප්රේක්ෂකයන්ව මවිතයට පත් කළා. ඔහු එහිදී ඉතාමත් දක්ෂ ලෙස එම චරිතයට පණ පොවමින් රසිකයන් සමඟ විහිළු තහළු කළ අතර, තමන් නැවතත් රංගනයට එක්වීම ගැන සතුට පළ කළා.
ටි වෙස්ට් විසින් අධ්යක්ෂණය කරන ලද මෙම චිත්රපටය ලබන නොවැම්බර් 13 වැනිදා තිරගත වීමට නියමිතයි. චිත්රපටයේ ට්රේලරය දෙස බලන විට එය ටිම් බර්ටන්ගේ නිර්මාණවල ඇති අඳුරු ගොතික් ශෛලිය සිහිගන්වනවා. ජැක් ස්පැරෝ සහ එඩ්වඩ් සිසර්හැන්ඩ්ස් වැනි ජනප්රිය චරිතවලට පණ පෙවූ ජොනී ඩෙප්, මෙවර ස්ක්රූජ් ලෙසින් අමුතුම ආකාරයේ රංගනයක් ඉදිරිපත් කරන බව ට්රේලරයෙන් පැහැදිලි වෙනවා. මෙම චිත්රපටය සඳහා ඉයන් මැකෙලන්, රූපට් ග්රින්ට් සහ ඩේසි රිඩ්ලි වැනි ප්රවීණ නළු නිළියන් රැසක් දායක වෙනවා. කොහොම වුණත්, ජොනී ඩෙප්ගේ මෙම නැවත පැමිණීම ඔහුගේ රසිකයන්ට නම් ලොකු සතුටක් ගෙන දෙන කාරණයක් වෙලා තියෙනවා.

Discussion & Feedback