ප්රසිද්ධ හොලිවුඩ් නළු ජෝන් මල්කොවිච් ලබන වසරේ ටෙල් අවිව් නුවර පැවැත්වීමට නියමිතව තිබූ ඔහුගේ ‘ද මියුසික් ක්රිටික්’ සංදර්ශනය හදිසියේම අවලංගු කරලා තියෙනවා. මේ තීරණයට ප්රධානම හේතුව වෙලා තියෙන්නේ, ඔහු කිසිසේත්ම නොපැවසූ අදහස් කිහිපයක් ඔහු පැවසූ බවට පවසමින් ඊශ්රායල ප්රචාරක ආයතනයක් විසින් අසත්ය මාධ්ය නිවේදනයක් නිකුත් කිරීමයි. තමන් ඊශ්රායල ප්රේක්ෂකයන් ගැන විශේෂ ආදරයකින් සහ සහයෝගයකින් පසුවන බවට එම නිවේදනයේ සඳහන් කර තිබුණත්, මල්කොවිච් පවසන්නේ තමන් එවැනි කිසිදු ප්රකාශයක් සිදු කර නොමැති බවයි.
මේ සිදුවීම සම්බන්ධයෙන් දැඩි අප්රසාදය පළ කරන මල්කොවිච් පවසන්නේ, තමන්ගේ අවසරයකින් තොරව මෙවැනි අසත්ය ප්රකාශ මාධ්යයට නිකුත් කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බවයි. ඕනෑම රටක තමන් රඟ දැක්වීමක් සිදු කළ පමණින් එම රටේ දේශපාලන තීරණ හෝ ක්රියාකාරකම්වලට තමන් එකඟ වන බවක් ඉන් අදහස් නොවන බවත් ඔහු අවධාරණය කරනවා. විශේෂයෙන්ම කිසිදු දේශපාලන අරගලයකට හෝ අහිංසකයන් ඝාතනය වැනි ම්ලේච්ඡ ක්රියාවන්ට තමන් සහයෝගය නොදෙන බවත් ඔහු පැහැදිලි කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදාළ ඊශ්රායල ප්රචාරක ආයතනය පසුව සිය වරද පිළිගෙන මල්කොවිච්ගෙන් සහ ඔහුගේ නියෝජිතයන්ගෙන් ප්රසිද්ධියේ සමාව අයැද සිටියා. කෙසේ වෙතත්, මෙම සිදුවීම නිසා තමන්ගේ සංදර්ශනයට සහභාගී විය නොහැකි බව මල්කොවිච් තීරණය කර අවසන්. මෑතකදී වැනීසිය චිත්රපට උළෙලේදී තමන්ගේ නවතම නිර්මාණය වන ‘වයිල්ඩ් හෝස් නයින්’ හරහා විශාල ප්රසාදයක් දිනාගත් මල්කොවිච්, මේ වන විට ලෝක සිනමාවේ කතාබහට ලක්වන චරිතයක් බවට පත්වෙලා තියෙනවා.

Discussion & Feedback