හොලිවුඩයේ ජනප්‍රිය නළුවෙක් වන ජෝන් ලෙගුයිසාමෝ, ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘මයාමි වයිස් 85’ (Miami Vice ’85) චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ට චරිතය සඳහා එකතු වෙන්න යනවා කියලයි ආරංචි වෙන්නේ. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා මයිකල් බී ජෝර්ඩන් සහ ඔස්ටින් බට්ලර් රංගනයෙන් දායක වෙනවා. ජෝසප් කොසින්ස්කි අධ්‍යක්ෂණය කරන මේ දැවැන්ත නිර්මාණය 1980 දශකයේ මයාමි නගරයේ තිබුණු සුඛෝපභෝගී බව සහ දූෂිත පසුබිම පාදක කරගෙන තමයි නිර්මාණය වෙන්නේ. වාර්තා වෙන විදිහට ජෝන් ලෙගුයිසාමෝ මෙහි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හෙවත් කාටෙල් නායකයෙක් විදිහට රඟපාන්න ඉඩ තියෙනවා.
ඩෑන් ගිල්රෝයි විසින් තිර රචනය ලියන මේ චිත්‍රපටය අයිමැක්ස් (Imax) තාක්ෂණයෙන් යුතුව ලොව පුරා ප්‍රදර්ශනය කරන්නයි සැලසුම් කරලා තියෙන්නේ. මේ වසරේම නිෂ්පාදන කටයුතු ආරම්භ කරන අතර, 2028 මැයි 19 වැනිදා සිනමාහල්වලට නිකුත් කිරීමට නියමිතයි. මීට අමතරව විට්නි පීක්, ඇල්ඩන් එරන්රිච්, කැමිලා මොරෝන් සහ ඩැනී රමිරෙස් වැනි ජනප්‍රිය නළු නිළියන් රැසක්ම මේ චිත්‍රපටයට සම්බන්ධ වෙලා ඉන්නවා. පසුගිය කාලයේ තිරගත වුණු චිත්‍රපටවලින් ඉහළ සාර්ථකත්වයක් ලැබූ ජෝන් ලෙගුයිසාමෝ, මේ චිත්‍රපටය හරහා තවත් වෙනස්ම ආකාරයේ රංගනයක් ප්‍රේක්ෂකයන්ට ලබාදෙයි කියලා හැමෝම බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback