හොලිවුඩ් සිනමාවේ ජනප්රිය රංගන පුහුණුකරුවෙක් සහ නළුවෙක් වුණ ජෝන් කර්බි පසුගියදා අභාවප්රාප්ත වුණා. මියයන විට ඔහු 75 වන වියේ පසු වුණා. ඔහු ප්රසිද්ධ නළු බෲනෝ කර්බිගේ සහෝදරයා වගේම ප්රවීණ නළු බෲස් කර්බිගේ පුත්රයා ලෙසත් සිනමා ක්ෂේත්රයේ බොහෝ දෙනෙක් අතර ප්රසිද්ධයි. වසර තුනකට පෙර ඔහුට ALS රෝගය වැළඳී ඇති බව වෛද්යවරුන් විසින් තහවුරු කර තිබුණා. ඔහුගේ සමීපතමයෙක් වන නේදන් බෙස්බිට් සමාජ මාධ්ය ඔස්සේ මේ ශෝකජනක පුවත තහවුරු කර තිබුණේ හදවතේ ඇති වූ දැඩි වේදනාවකින් යුතුවයි.
ජෝන් කර්බි හොලිවුඩ් සිනමාවේ විශිෂ්ට දක්ෂතා පෙන්වූ චරිතයක්. ඔහු ජිම් කැවීසල් වැනි ප්රසිද්ධ නළුවන්ගේ රංගන පුහුණුකරු ලෙස ‘ෆ්රීක්වන්සි’, ‘පේ ඉට් ෆෝවර්ඩ්’ සහ ‘ද කවුන්ට් ඔෆ් මොන්ටේ ක්රිස්ටෝ’ වැනි ජනප්රිය චිත්රපට රැසකට දායක වුණා. මීට අමතරව ‘පීටර් පෑන්’, ‘ද ක්රෝනිකල්ස් ඔෆ් නානියා’ සහ ‘ස්ක්රීම් 4’ වැනි ලෝක ප්රසිද්ධ චිත්රපටවලත් ඔහු සිය දක්ෂතා පෙන්වීමට සමත් වුණා. ඔහුගේ වියෝව හොලිවුඩ් සිනමාවට විශාල පාඩුවක් බවයි බොහෝ දෙනා පවසන්නේ.
ඔහුගේ අවසන් කටයුතු පිළිබඳව තොරතුරු මේ වන විටත් ප්රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, අගෝස්තු 15 වැනිදා හොලිවුඩ් හිල්ස් හි ෆොරස්ට් ලෝන් හිදී ඔහුගේ අනුස්මරණ උත්සවය පැවැත්වීමට නියමිතයි. ඔහුගේ පවුලේ අය සහ රසිකයන් මේ වන විටත් ඔහු වෙනුවෙන් ශෝකය පළ කරමින් සිටිනවා. ඔහුගේ මතකයන් සිනමා ලෝකයේ සැමදා රැඳී පවතිනු ඇති.

Discussion & Feedback