වෘත්තීය මල්ලවපොර ක්රීඩකයෙක් විදියට ලෝකයම දන්නා ජෝන් සීනා අද වෙනකොට හොලිවුඩයේ ඉන්න අති දක්ෂ විකට නළුවෙක් බවට පත්වෙලා ඉවරයි. මුල් කාලේ ක්රියාදාම චිත්රපටවලින් රංගනයට ආවත්, පස්සේ කාලෙක ඔහු තමන්ගේ සැබෑ දක්ෂතාවය හොයාගත්තේ විකට රංගනය තුළින්. විශේෂයෙන්ම ‘Trainwreck’ සහ ‘Sisters’ වගේ චිත්රපටවලින් ඔහු පෙන්නපු දක්ෂතා නිසා ප්රේක්ෂකයෝ ඔහුව වෙනස්ම විදියකට දකින්න පටන් ගත්තා. අද වෙනකොට Netflix වගේ වේදිකාවල ජනප්රියම චිත්රපටවල ඔහු ප්රධාන චරිත රඟපානවා කියන්නේ ඔහු කොයිතරම් දුරක් ඇවිත්ද කියලා හිතාගන්න පුළුවන්.
ජෝන් සීනාගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්යය වුණේ ‘Peacemaker’ චරිතය කියලා කිව්වොත් නිවැරදියි. බරපතල දෙබස් පවා හරිම විහිලු සහගත විදියට ඉදිරිපත් කරන්න ඔහුට තියෙන හැකියාව ඇත්තටම පුදුම සහගතයි. ‘Blockers’, ‘Vacation Friends’ සහ ‘Ricky Stanicky’ වගේ චිත්රපටවල ඔහු කරපු රංගනයන් නිසා 2020 දශකයේ හොඳම විකට නළුවා කියන කිරුළ ඔහුට හිමිවිය යුතුයි කියලා බොහෝ දෙනෙක් තර්ක කරනවා. සාමාන්යයෙන් සාර්ථක නොවන චිත්රපටවල පවා තමන්ගේ රංගනයෙන් ප්රේක්ෂකයන්ව ආකර්ෂණය කරගන්න ඔහුට තියෙන හැකියාව ඔහු සැබෑ දක්ෂයෙක් බව ඔප්පු කරනවා. ඉදිරියේදීත් සීනාගෙන් තවත් මෙවැනිම විනෝදජනක රංගනයන් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback