හොලිවුඩයේ හැටේ සහ හැත්තෑවේ දශකවල ඉතා ජනප්‍රිය රංගන ශිල්පියෙක් වුණු ජොබි බේකර් පසුගිය ජූනි 22 වැනිදා නිව්යෝර්ක් නුවරදී අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඔහු 92 වැනි වියේ පසු වුණා. ස්වභාවික හේතූන් මත ඔහු මියගිය බව ඔහුගේ පවුලේ අය තහවුරු කර තිබෙනවා. ඔහු සමඟ ‘ගුඩ් මෝනිං වර්ල්ඩ්’ ටෙලි නාට්‍යයේ රඟපෑ රොනී ෂෙල් මියගොස් දින දහයකට පසුවයි බේකර්ගේ වියෝවත් වාර්තා වුණේ.
ජොබි බේකර් කියන්නේ සිනමාවේ සහ රූපවාහිනියේ එකසේ දක්ෂතා දැක්වූ කෙනෙක්. ඔහු ‘ගිජට්’ චිත්‍රපට මාලාව, එල්විස් ප්‍රෙස්ලිගේ ‘ගර්ල් හැපි’ සහ ඩිස්නි චිත්‍රපට රැසකම රඟපාලා තියෙනවා. රංගනයට අමතරව ඔහු දක්ෂ චිත්‍ර ශිල්පියෙක් සහ මූර්ති ශිල්පියෙක් විදිහටත් ලොකු නමක් දිනාගෙන හිටියා. ඔහුගේ කලා නිර්මාණ ඇමරිකාවේ ප්‍රධාන පෙළේ ගැලරිවල පවා ප්‍රදර්ශනය කර තිබෙනවා.
1934 වසරේ මොන්ට්‍රියල්හි උපන් බේකර්, පසුව හොලිවුඩයට ඇවිත් තමන්ගේ රංගන දිවිය සාර්ථක කරගත්තා. ඔහු 1984 වසරේදී ප්‍රසිද්ධ ගීත රචිකාවියක් වුණු ඩෝරි ප්‍රෙවින් සමඟ විවාහ වුණා. බේකර්ගේ වියෝවෙන් පසුව ඔහුගේ දියණියන් දෙදෙනා සහ මුණුබුරන් ඇතුළු පවුලේ සාමාජිකයන් ඔහුව සිහිපත් කරනවා. දශක ගණනාවක් පුරා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් මේ විශිෂ්ට කලාකරුවාගේ වියෝව හොලිවුඩයට ලොකු පාඩුවක්.

Discussion & Feedback