ප්රකට ඇමරිකානු විකට නළු ජිමී කිමෙල් මෙවර එමි සම්මාන උළෙලේදී ‘Who Wants To Be A Millionaire’ වැඩසටහන වෙනුවෙන් හොඳම ක්රීඩා වැඩසටහන් නිවේදකයාට හිමි සම්මානය දිනාගන්න සමත් වුණා. ඔහු මේ සම්මානය පිට පිට දෙවන වරටත් දිනාගැනීම විශේෂත්වයක්. ස්ටීව් හාර්වි සහ කෙන් ජෙනින්ග්ස් වැනි ප්රබල තරඟකරුවන් පරාජය කරමින් ඔහු මෙම ජයග්රහණය ලබාගත්තේ. සම්මානය ලබාගැනීමෙන් පසු වේදිකාවේදී අදහස් දක්වමින් කිමෙල් විහිළුවට මෙන් සඳහන් කළේ, පසුගිය වසරේ සම්මානය ලැබුණු විට තමන්ට හිඳගන්නටවත් තැනක් නොතිබූ බවයි.
මේ අතර, හොඳම ක්රීඩා වැඩසටහන සඳහා වන සම්මානය මෙවරත් හිමි වුණේ ජනප්රිය ‘Jeopardy!’ වැඩසටහනටයි. 2023 වසරේ සිට අඛණ්ඩව සිව්වන වරටත් මෙම සම්මානය දිනාගැනීමට ඔවුන් සමත් වීම කැපී පෙනෙනවා. ‘Celebrity Family Feud’ සහ ‘Wheel of Fortune’ වැනි වැඩසටහන් අභිබවා යමින් ‘Jeopardy!’ සිය ආධිපත්යය තවදුරටත් තහවුරු කරගත්තා. මයිකල් ඩේවිස්ගේ නිෂ්පාදනයක් වන මෙම වැඩසටහනට ප්රේක්ෂකයන් අතර තවමත් ඇත්තේ ඉහළ ඉල්ලුමක්.
ජිමී කිමෙල් මේ වන විට සැප්තැම්බර් 14 වැනිදා පැවැත්වෙන ප්රයිම් ටයිම් එමි සම්මාන උළෙලේදී හොඳම විවිධ වැඩසටහන සඳහා වන සම්මානය දිනාගැනීමටත් ප්රබල අපේක්ෂකයෙක් ලෙස ඉදිරියෙන් ඉන්නවා. ඔහුගේ ‘Jimmy Kimmel Live!’ වැඩසටහන ස්ටීවන් කෝල්බට් සහ ජෝන් ඔලිවර් වැනි ප්රවීණයන්ගේ වැඩසටහන් සමඟ කරට කර තරඟයක නිරත වෙනවා. කෙසේ වෙතත්, කිමෙල්ගේ විකට විලාසය පිළිබඳ විවිධ මත සමාජ මාධ්ය ඔස්සේ මේ දිනවල දැඩි ලෙස කතාබහට ලක්වෙමින් පවතිනවා.

Discussion & Feedback