ජනප්රිය ඇමරිකානු නිවේදක ජිමී කිමෙල් තමන්ගේ ජනප්රිය ‘ජිමී කිමෙල් ලයිව්’ වැඩසටහනෙන් ඉවත් වන බවට පසුගිය දිනවල විවිධ කටකතා පැතිර ගියා. නමුත් මේ වන විට වාර්තා වෙන්නේ ඔහු ABC නාලිකාව සමඟ සිය ගිවිසුම තවත් වසරකින් දීර්ඝ කර ගැනීමට සාකච්ඡා පවත්වමින් සිටින බවයි. කෙසේ වෙතත්, මේ ගිවිසුම අලුත් කිරීමේදී වැඩසටහනේ නිෂ්පාදන වියදම් කපා හැරීමට නාලිකාව උත්සාහ කරමින් සිටින බවත් සඳහන් වෙනවා. දැනට පවතින ආර්ථික තත්ත්වය හමුවේ බොහෝ රූපවාහිනී නාලිකා මෙවැනි වියදම් කපා හැරීම් සිදු කරන අතර, ඩිස්නි ආයතනයත් ඔවුන්ගේ සමස්ත වියදම් පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරත වෙමින් ඉන්නවා.
තමන්ගේ විශ්රාම ගැනීම ගැන මෑතකදී පැවති පොඩ්කාස්ට් වැඩසටහනකදී ජිමී කිමෙල් අදහස් දක්වමින් කියා සිටියේ, තමන් තවමත් වැඩසටහනෙන් සමුගැනීමට සූදානම් නැති බවයි. තමන්ගේ වයස අවුරුදු විසිපහේදී තමන්ට ලැබුණු මේ වගේ අවස්ථාවක් අතහැර දැමීම ගැන සිතාගත නොහැකි බවත් ඔහු පවසනවා. ඔහුගේ බිරිඳ වන මොලී මැක්නියර්නි ද පවසන්නේ විශ්රාම ගැනීම පිළිබඳ ජිමීගේ අදහස් කාලයත් සමඟ වෙනස් වන බවයි. කෙසේ වෙතත්, ඉදිරි කාලයේදී ABC නාලිකාවේ සිදුවීමට නියමිත ප්රතිව්යුහගත කිරීම් සමඟ ජිමී කිමෙල්ගේ වැඩසටහන කෙසේ වෙනස් වේවිද යන්න බොහෝ දෙනා බලා සිටිනවා. කටකතා බොරු කරමින් ඔහු තවදුරටත් තිරය මත රැඳී සිටිනු ඇති බවටයි මේ වන විට වැඩි ඉඩක් පවතින්නේ.

Discussion & Feedback