හොලිවුඩයේ ජනප්රියම විකට නළුවෙක් වන ජිම් කැරී රංගනයෙන් සමුගන්නා බව මීට කලකට පෙර පැවසුවත්, ඔහු නැවතත් සිනමාවට පිවිසෙන බවට ආරංචි ලැබෙනවා. මේ වන විට වාර්තා වෙන්නේ වෝනර් බ්රදර්ස් ආයතනය විසින් නිෂ්පාදනය කරන වසර 64ක් පැරණි සුප්රසිද්ධ විද්යා ප්රබන්ධ චිත්රපට මාලාවක් වන ‘ද ජෙට්සන්ස්’ (The Jetsons) හි නවතම ප්රතිනිර්මාණය සඳහා ජිම් කැරී ප්රධාන චරිතයට තෝරාගෙන ඇති බවයි. ඔහු මීට පෙරත් ‘ද ග්රින්ච්’ සහ ‘සොනික් ද හෙජ්හෝග්’ වැනි චිත්රපට හරහා ප්රේක්ෂක ආදරය දිනාගත් නළුවෙක් නිසා, මේ නව චිත්රපටය ගැනත් රසිකයන් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා.
වෝනර් බ්රදර්ස් ආයතනය විසින් පවත්වන ලද ආයෝජකයන්ගේ හමුවකදී මේ පිළිබඳව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. කෙසේ වෙතත්, මේ චිත්රපටය 2027 වසරෙන් පසුව තිරගත කිරීමට නියමිත නිසා රසිකයන්ට තව ටික කාලයක් බලා සිටීමට සිදුවනු ඇති. දැනට ලැබෙන තොරතුරු අනුව චිත්රපටයේ අධ්යක්ෂණය සඳහා කොලින් ට්රෙවොරෝගේ නම යෝජනා වී තිබුණත්, ජිම් කැරීගේ සහභාගීත්වය පමණක් මේ වන විට නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. ජිම් කැරීගේ රංගන කුසලතාවයත් සමඟ මේ පැරණි කතාව අලුත් විදිහකට කොහොම දකින්න ලැබෙයිද කියලා දැනගන්න හැමෝම වගේ උනන්දුවෙන් ඉන්නවා.

Discussion & Feedback