ප්රසිද්ධ හොලිවුඩ් නළු සහ අධ්යක්ෂක ජෙසී අයිසන්බර්ග් තමන්ගේ අලුත්ම චිත්රපටය වන ‘ද ඩෙබියු’ (The Debut) ගැන සෑහෙන උනන්දුවකින් කතා කරනවා. සැන් සෙබස්තියන් චිත්රපට උළෙලේදී මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු කිව්වේ තමන්ගේ ප්රියතම නළු නිළියන් දෙපළක් වන ජූලියන් මුවර් සහ පෝල් ජියාමැටි මේ චිත්රපටයට සම්බන්ධ කරගන්න ලැබීම ලොකු වාසනාවක් කියලා. ඇත්තටම මේ චිත්රපටයේ පිටපත ලියනකොටම ජෙසී හිතේ තියාගෙන ඉඳලා තියෙන්නේ ජූලියන් මුවර්ව. ඇය මීට කලින් ජෙසීගේ නිර්මාණයකදී කරපු රංගනයක් සහ ඇය භාවිතා කරපු විශේෂ හඬක් ඔහුගේ හිතේ අවුරුදු දෙකක් තිස්සේ තිබිලා තියෙනවා. ඒ නිසාම මේ චරිතයට ඇයවම ඕන කියලා ඔහු තීරණය කරලා තියෙනවා.
මේ චිත්රපටය ගැන කතා කරද්දී ජෙසී විහිළුවට වගේ කිව්වේ, තමන් පිටපත ලියලා ඉවර වුණාම ලොකු ප්රශ්නයකට මුහුණ දුන්නා කියලා. මොකද තමන් හිතාගෙන ලියපු නිළිය ඒ චරිතය කරන්න අකමැති වුණොත් මුළු වැඩේම අවුල් වෙන නිසා. නමුත් වාසනාවකට ජූලියන් මුවර් මේ චිත්රපටයට එකඟ වෙලා තියෙනවා. මේ චිත්රපටයේ ජූලියන් මුවර් රඟපාන්නේ අහම්බෙන් වගේ ප්රාදේශීය සංගීත නාට්යයකට සම්බන්ධ වෙන ලැජ්ජාශීලී කාන්තාවකගේ චරිතයක්. ඇයත් එක්ක පෝල් ජියාමැටිත් ප්රධාන චරිතයකින් දායක වෙනවා. මේ චිත්රපටය දෙසැම්බර් මාසයේදී ඇමරිකාවේදීත්, ජනවාරි මාසයේදී එක්සත් රාජධානියේදීත් ප්රේක්ෂකයන්ට බලාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback