ලෝකයේ ප්රකෝටිපතියන් අතර මේ දිනවල අලුත්ම විලාසිතාවක් වෙලා තියෙන්නේ සුපිරි යාත්‍රා වගේම ප්‍රසිද්ධ ක්‍රීඩා කණ්ඩායම් මිලදී ගැනීමයි. ඒ අනුව ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසෝස්, එංගලන්තයේ ප්‍රසිද්ධ පාපන්දු කණ්ඩායමක් වන ලිවර්පූල් (Liverpool) කණ්ඩායමේ කොටස් 30%ක් මිලදී ගැනීමට උත්සාහ කරන බව වාර්තා වෙනවා. මේ සඳහා ඔහු ඇතුළු ආයෝජකයන් පිරිසක් පවුම් බිලියන 1.35ක මුදලක් වැය කිරීමට සූදානම් වන අතර, මෙය සාර්ථක වුණොත් බෙසෝස් ක්‍රීඩා ක්ෂේත්රයට පිවිසෙන පළමු අවස්ථාව මෙය වෙනවා.
දැනටමත් එංගලන්තයේ ප්‍රිමියර් ලීග් පාපන්දු කණ්ඩායම් 20න් 13කම ඇමරිකානු කොටස් හිමියන් ඉන්නවා. ඇමරිකාවේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා කණ්ඩායම් මිලදී ගැනීම ඉතා වියදම් අධික නිසා, බොහෝ දෙනා දැන් එංගලන්තයේ පාපන්දු කණ්ඩායම් වෙත යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ‘ටෙඩ් ලැසෝ’ වගේ රූපවාහිනී වැඩසටහන් නිසා එංගලන්ත පාපන්දු කණ්ඩායමක් හිමිකර ගැනීම ලොකු ජනප්‍රියත්වයක් ලබා දීලා තියෙනවා. බෙසෝස් මේ වන විට තාක්ෂණික ව්‍යාපාරිකයෙක් විතරක් නෙවෙයි, සංස්කෘතික චරිතයක් විදිහටත් ලෝකය දකින නිසා, ඔහු මේ වගේ ආයෝජනයකට යොමු වීම කාටත් පුදුමයක් නෙවෙයි.
ඩොලර් බිලියන 280ක පමණ වත්කමක් තියෙන බෙසෝස්, මේ වන විටත් ලන්ඩන් නුවර සිය නව කෘත්‍රිම බුද්ධි සමාගම ස්ථාපිත කිරීමට කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා ඔහු එංගලන්තය සමඟ වැඩි සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට උත්සාහ කරන බව පැහැදිලියි. කොහොම වුණත්, ලෝකයේ ප්‍රසිද්ධම පාපන්දු කණ්ඩායමක කොටස් හිමිකරුවෙක් වෙන්න බෙසෝස්ට පුළුවන් වෙයිද කියලා අපි ඉදිරියේදී බලමු.

Discussion & Feedback