ලෝකයේ ප්රබලම තාක්ෂණික ව්යාපාරිකයන් වන ඇමසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසෝස් සහ ෆේස්බුක් සම-නිර්මාතෘ එඩ්වර්ඩෝ සැවරින්, එංගලන්තයේ සුප්රසිද්ධ ලිවර්පූල් පාපන්දු සමාජයේ කොටස් මිලදී ගැනීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙනවා. ස්කයි නිව්ස් වාර්තා කරන පරිදි, ලිවර්පූල් සමාජයේ හිමිකාරීත්වය දරන ෆෙන්වේ ස්පෝර්ට්ස් ගෲප් (FSG) ආයතනය සමඟ මේ වන විටත් සාකච්ඡා අවසන් අදියරේ පවතින අතර, සමාජයේ කොටස්වලින් 30%ක් මෙම ව්යාපාරිකයන් ඇතුළු කණ්ඩායමක් විසින් මිලදී ගැනීමට නියමිතයි. මෙම ගනුදෙනුව හරහා ලිවර්පූල් සමාජයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 6ක් ලෙස තක්සේරු කර තිබෙනවා.
මෙම ආයෝජක කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ඉන්දීය ව්යාපාරික ලක්ෂ්මි ම,ල්ගේ බෑණා වන අමිත් භාටියා විසින්. ජෙෆ් බෙසෝස් ක්රීඩා ක්ෂේත්රයට පිවිසෙන ප්රථම අවස්ථාව මෙය වන අතර, සැවරින් මීට පෙර චෙල්සි පාපන්දු සමාජය මිලදී ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. කෙසේ වෙතත්, ඇමසන් සමාගම දැනටමත් ප්රිමියර් ලීග් තරග විකාශන අයිතිය ලබාගෙන තිබීම නිසා, මෙවැනි ආයෝජනයක් නීතිමය වශයෙන් ගැටලුවක් වේද යන්න පිළිබඳව තවමත් පැහැදිලි නැහැ. ඉදිරි දින කිහිපය තුළ මෙම ගනුදෙනුව පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. මෙය පාපන්දු ඉතිහාසයේ සිදුවන විශාලතම ආයෝජනයක් ලෙස සැලකෙනවා.

Discussion & Feedback