2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්රිකාව වෙනුවෙන් දක්ෂතා දැක්වූ ජේඩන් ඇඩම්ස් හදිසියේම මියගොස් තිබෙනවා. මියයන විට ඔහු 25 හැවිරිදි වියේ පසු වුණා. ඔහුගේ සිරුර පසුගිය සෙනසුරාදා උදෑසන කේප් ටවුන් නුවර නිවසක තිබී සොයාගෙන ඇති අතර, ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මේ වන විට පොලිසිය ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මෙම පුවතත් සමඟ දකුණු අප්රිකානු ක්රීඩා ක්ෂේත්රයට විශාල කම්පනයක් ඇතිවී තිබෙනවා. දකුණු අප්රිකාවේ ක්රීඩා අමාත්ය ගේටන් මැකෙන්සි පවසා සිටියේ, ජේඩන් යනු දකුණු අප්රිකානු පාපන්දු ක්ෂේත්රයේ සිටි දක්ෂතම තරුණ ක්රීඩකයෙකු බවයි. ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සහ කණ්ඩායමේ සෙසු ක්රීඩකයන්ට මේ අවස්ථාවේදී පෞද්ගලිකත්වය ලබා දෙන ලෙසත්, අසත්ය කටකතා පතුරුවා හැරීමෙන් වළකින ලෙසත් අමාත්යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ජේඩන් ඇඩම්ස් 2026 ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්රිකානු කණ්ඩායම නියෝජනය කරමින් මූලික වටයේ තරග තුනකටම ක්රීඩා කළා. ස්ටෙලන්බොෂ් පාපන්දු ඇකඩමියෙන් බිහිවූ ඔහු, පසුව මැමෙලෝඩි සන්ඩවුන්ස් කණ්ඩායම සමඟ එක්වෙමින් සිය වෘත්තීය ජීවිතය සාර්ථක කර ගත්තා. දක්ෂ පාපන්දු ක්රීඩකයෙකු ලෙස රටේම ආදරය දිනා සිටි ජේඩන්ගේ වියෝව ලෝක පාපන්දු ලෝලීන්ටත් විශාල පාඩුවක්.

Discussion & Feedback