ලොව පුරා රසිකයන්ගේ ආදරය දිනාගත් ‘ටෙඩ් ලැසෝ’ කතාමාලාව වසර තුනකට පසුව නැවතත් අප අතරට පැමිණ තිබෙනවා. මෙවර කතාවේදී ටෙඩ් ලැසෝ ලන්ඩන් නුවරින් සමුගෙන තම පුතා සමඟ කාලය ගත කිරීම සඳහා කන්සාස් සිටි වෙත ගොස් සාමාන්ය ජීවිතයක් ගත කරන ආකාරය අපට දැකගන්න පුළුවන්. ඔහු එහිදී සිල්ලර වෙළඳසැලක සේවය කරමින් සරල ජීවිතයක් ගත කළත්, රෙබෙකා, ලෙස්ලි සහ කීලි ඔහුව සොයා පැමිණෙන්නේ කාන්තා පාපන්දු කණ්ඩායමක් පුහුණු කිරීමේ අභියෝගය ඔහුට ලබා දීමටයි. මුලදී ටෙඩ් එය ප්රතික්ෂේප කළත්, පසුව ඔහු තම හිටපු බිරිඳ සහ පුතා සමඟ නැවතත් එංගලන්තය බලා පිටත්ව යාමට තීරණය කරනවා.
මෙම නව පරිච්ඡේදය ගැන අදහස් දක්වමින් ජේසන් සුඩෙයිකිස් පවසන්නේ, ටෙඩ් ලැසෝ නැවතත් තමන් ආදරය කරන කාර්යයට යොමු වන බවයි. කෙසේ වෙතත්, මෙවර ඔහු පුහුණු කරන්නේ කාන්තා කණ්ඩායමක් වීම විශේෂත්වයක්. කාන්තාවන් පුහුණු කිරීමේදී තමන්ට ඇති අත්දැකීම් අඩු බවත්, එය තමාට අලුත් අත්දැකීමක් බවත් ඔහු පවසනවා. කෙසේ වෙතත්, ටෙඩ් ලැසෝගේ මෙම නව ගමන රසිකයන්ට අලුත්ම අත්දැකීමක් ලබා දෙනු නොඅනුමානයි. ඉදිරි කථාංගවලදී නව ක්රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකාරිනිය වන ඇලිස් චිල්ටන් සමඟ ටෙඩ්ගේ ගමන කෙබඳු වේවිද යන්න බලාගන්න පුළුවන්.

Discussion & Feedback