ඇපල් ටීවී (Apple TV) ඔස්සේ විකාශය වන ජනප්රිය ‘Shrinking’ කතාමාලාවේ සිව්වන අදියර මේ වන විටත් රූගත කිරීම් ආරම්භ කර තිබෙනවා. පසුගියදා පැවති සම්මාන උළෙලකදී මෙම කතාමාලාවේ ප්රධාන නළු ජේසන් සීගල් ඇතුළු පිරිස පවසා සිටියේ, මෙවර කතාමාලාව තුළින් චරිතවල සිදුවන වෙනස්කම් සහ ඔවුන් මුහුණ දෙන අලුත් අත්දැකීම් ගැනයි. විශේෂයෙන්ම, මීට පෙර කතාමාලාව පුරාම දැඩි ලෙස ඉස්මතු වූ ශෝකය සහ වේදනාවෙන් මිදී, ජීවිතය නැවත අලුතින් ආරම්භ කිරීමට උත්සාහ කරන ආකාරය මෙවර අපට දැකගන්න ලැබෙනවා. වයස අවුරුදු 45ක පුද්ගලයෙකු නැවතත් ආදරය සහ ජීවිතය දෙස බලා සිනහවෙන් ඉදිරියට යාමට උත්සාහ කිරීමේදී සිදුවන විනෝදජනක සහ අවුල් සහගත සිදුවීම් මාලාවක් මෙවර කතාමාලාව තුළ අන්තර්ගත වන බවයි ජේසන් පවසන්නේ.
මෙම කතාමාලාවේ ප්රධාන චරිත නිරූපණය කරන හැරිසන් ෆෝඩ් සහ ජෙසිකා විලියම්ස් ද ඔවුන්ගේ චරිතවල ගැඹුර ගැන අදහස් දක්වා තිබුණා. විශේෂයෙන්ම ජිමී සහ පෝල් අතර පවතින පිය-පුතු සබඳතාව වැනි බැඳීම සහ එකිනෙකා තුළින් තමන්වම සොයාගැනීමේ ගමන ප්රේක්ෂකයන්ට ඉතා සමීප වනු ඇති බවයි හැරිසන් ෆෝඩ් සඳහන් කළේ. එසේම, මයිකල් යූරි රඟපාන බ්රයන්ගේ චරිතය පියෙකු ලෙස පරිණාමය වීමත් මෙවර කතාමාලාවේ විශේෂත්වයක්. කණ්ඩායමේ සාමූහික කැපවීම නිසාම ‘Shrinking’ කතාමාලාව මෙවර එමි සම්මාන උළෙලේදී නිර්දේශ 10ක් දිනා ගැනීමට සමත් වුණා. ජීවිතයේ අභියෝග මැද සිනහවක් සොයා යන මේ අපූරු ගමන නැරඹීමට රසිකයන් මේ වන විටත් නොඉවසිල්ලෙන් බලා සිටිනවා.

Discussion & Feedback